ඔයා ශිෂ්‍යයෙක් වුණත් රැකියාවක් කරන කෙනෙක් වුණත් නවාතැන් ගන්න කුලියට නිවසක්/ කාමරයක් හොයනවනම් සලකා බැලිය යුතු ගොඩක් දේවල් ගැන අපි articles කිහිපයකින්ම කතා කළා. එකේදී වැදගත් වෙන Listings ගැන, Bond එක ගෙවන විට අදාළ වෙන නීතිමය කරුණු ගැන වගේම Entry condition report එක ගැනත් අපි විස්තරාත්මකව කිව්වා. මේ දේවල් පිලිබඳ අවබෝධය වගේම නිසි අයුරුන් ක්‍රියාත්මක කිරීමෙන් ඕස්ට්‍රේලියාවේ සිටින ඔයාට නීතිමය ආරක්ෂාව ලබාදෙනවා වගේම ඔයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නත් උදව් වෙනවා.
අද අපි බලමු කුලී නිවැසියෙක් විදිහට ඔයාට තිබෙන අයිතිවාසිකම් මොනවද කියලා.
කුලී නිවැසියෙකු ලෙස ඔබේ අයිතිවාසිකම්
පදිංචියට ගිය පසු ඔයා දැනුවත් විය යුතු වැදගත්ම අයිතිවාසිකම් කිහිපයක් ගැන අද මුලින්ම කතා කරමු.
1 . ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න ජීවන පරිසරයකට ඇති අයිතිය
කුලී නිවැසියෙක් විදිහට ඔයාට ආරක්ෂිත සහ හොඳට අලුත්වැඩියා කළ ස්ථානයක ජීවත් වීමට අයිතියක් තිබෙනවා. ඔයා ලබාගන්න ස්ථානයේ ජල කාන්දු වැනි ව්‍යුහාත්මක ගැටළුවක් නිසා ඇති වන තත්ත්ව, ඇස්බැස්ටෝස් සහ පළිබෝධකයන් වැනි උපද්‍රව වලින් තොර බව සහ සියලුම උපකරණ සහ සවිකිරීම් ක්‍රියාත්මක වන බව සහතික කිරීම දේපල හිමියාගේ, එහෙමත් නැත්නම් landlord සතු වගකීමක්.
ඒ නිසා ඔයා මිලදී ගන්න කුලී නිවසේ/ කාමරයේ මේ දේවල් පිලිබඳ පරීක්ෂා කරලා ඒවා පිළිසකර කරවාගන්න අමතක කරන්න එපා.
2 . පෞද්ගලිකත්වයේ අයිතිය
ඔයා කුලියට ගත්ත නිවසේ/ කාමරයේ real estate agent හෝ landlord සෑම මාස 3-6 කට වරක් දේපළ පරීක්ෂා කරනවා. නීත්‍යානුකූලව ගත විට, ඔවුන් ඔයාගේ නිවසට ඇතුළු වෙන්න අවම වශයෙන් දින 7කාටවත් පෙර ඔයාට ඒ බව දැනුම් දිය යුතුයි. ඔවුන් නිවාස පරීක්ෂා කරන වෙලාවේදී ඔයා නිවසේ සිටිනවාද නැද්ද කියන දේ තීරණය කරන්න ඔයාට අයිතිය තිබෙනවා.