50කටත් අඩු පිරිසකගේ ඇඟේ දුවන රන් රුධිරය

  • Home
  • /
  • Blog
  • /
  • 50කටත් අඩු පිරිසකගේ ඇඟේ දුවන රන් රුධිරය

රත්තරන් ලේ ගැන අහලා තියෙනවද?

පෘථිවියේ ජීවත් වෙන පුද්ගලයින්ගෙන් 50 කටත් වඩා අඩු සංඛ්‍යාවකට තිබෙන රැධිර වර්ගයක් තමයි මේක. ඔවුන්ගේ නහර වල Rh-null වන රුධිරය අඩංගු වන අතර එය අතිශය දුර්ලභ රුධිර කාණ්ඩයක්. විශේෂඥයින් පවසන විදිහට මේ රුධිර වර්ගය ජීවිත රැසක් බේරා ගැනීමට උපකාරී වෙනවා.

දැන් විද්‍යාඥයින් එය රසායනාගාරයක නිපදවීමට උත්සහ කරමින් සිටිනවා.

ඇමරිකානු රතු කුරුස සංවිධානය රුධිර වර්ගයක් “දුර්ලභ” ලෙස සලකන්නේ එය පුද්ගලයින් 1,000 න් 1 කටත් අඩු සංඛ්‍යාවකට ඇති විටයි. දළ වශයෙන් මිලියන 6 න් 1 ක් වන මේ Rh-null රුධිරය අතිශයින්ම දුරලභ රුධිර වර්ගයයි.

රුධිර වර්ග තීරණය වන්නේ ප්‍රතිදේහජනක, රතු රුධිර සෛලවල ඇති ප්‍රෝටීන සහ සීනි මගින් වන අතර ඒවා මඟින් ශරීරයේ ඇති රුධිරය කුමක්ද සහ රුධිරයේ නැති දේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සංඥා කරනවා.

වෙනත් ප්‍රතිදේහජනක අඩංගු රුධිරය ඔයාට පාරවිලයනය කළහොත්, ඔයාගේ ශරීරය එම රුධිරයට ප්‍රතිදේහ සාදා එය විනාශ කරන්න උත්සහ කරනවා. ඒ නිසා නොගැලපෙන රුධිරය ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන්.

ශක්තිමත්ම ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර ඇති කරන රුධිර කාණ්ඩ පද්ධති දෙක වෙන්නේ ABO සහ Rhesus (Rh).

ABO system එක කෙනෙකුගේ රතු රුධිර සෛලවල ප්‍රතිදේහජනක වන A තිබේද , B තිබේද , 2ම තිබේද, 2ම නොතිබේද යන්න තීරණය කරන අතර Rh පද්ධතිය RhD ප්‍රෝටීනය සඳහා “+” හෝ “-” දැයි පරීක්ෂා කරනවා.

මෙම systems 2 එක්ව, පුද්ගලයෙකුට තිබිය හැකි ප්‍රධාන රුධිර වර්ග 8ක් තීරණය කරනවා. ඒවා වෙන්නේ; A+, A-, B+, B-, AB+, AB-, O+ හෝ O-.

O- රුධිරය බොහෝ විට සර්වදායක රුධිර වර්ගයක් ලෙස හඳුන්වනු ලබන්නේ එයට A, B සහ Rh-D ප්‍රතිදේහජනක නොමැති නිසා එය බොහෝ රුධිර පාරවිලයන සඳහා යොදාගත හැකි බැවින්.

නමුත් Rh පද්ධතියට D ප්‍රතිදේහජනකයට වඩා දේවල් ඇතුලත් වෙනවා.

O-negative රුධිරය සහිත රුධිර පාරවිලයනයකින් පවා භයානක ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කළ හැකියි. Rh-null රුධිරය ඇති පුද්ගලයින්ගේ රුධිරයේ මෙම ප්‍රතිදේහජනක කිසිවක් නැහැ. 

එහි ප්‍රතිඵලයක් ලෙස, Rh-null රුධිරය ඇති පුද්ගලයින්ට එම වර්ගයේම රුධිරය ඇති පරිත්‍යාගශීලීන්ගෙන් පමණක් රුධිරය ලබා ගත හැකි අතර, එම වර්ගයේ පරිත්‍යාගශීලීන්ගේ සංඛ්‍යාව අතිශයින් සීමිතයි.

එහෙත් විද්‍යාඥයින් Rh-null අතිශයින් වටිනා ලෙස සලකන්නේ එය අසාමාන්‍ය රුධිර ආබාධ ඇති අය ඇතුළුව දුර්ලභ Rh රුධිර වර්ගයක් ඇති ඕනෑම කෙනෙකුට ආරක්ෂිතව පාරවිලයනය කරන්න පුළුවන් නිසා. සරලව කියනවනම් Rh-null රුධිරය ඕනෑම රුධිර කාණ්ඩයක අයෙක්ට ආරක්ෂිතයි.

මේ හේතුව නිසා, Rh-null “රන් රුධිරය” හෙවත් “golden blood” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනවා.

එම නිසාමයි මෙම රුධිර වර්ගය රසායනාගාර තුළ නිපදවීමට උත්සාහ දරන්නේ.

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025