ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ හොඳම රැකියාවක් සොයාදෙන තැන

  • Home
  • /
  • Blog
  • /
  • ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ හොඳම රැකියාවක් සොයාදෙන තැන

කලින් articles වලින් අපි කිව්වා job එකක් හොයාගන්න උදව් වෙන JSC ගැන සහ ඒ හරහා ආවරණය කරන විවිධ රැකියා ක්ෂේත්‍ර ගැන. (රැකියාවක් සොයාගන්න උදව් වෙන මොකක්ද මේ JSC? සම්පූර්ණ විස්තරය කියවන්න: https://www.facebook.com/share/p/1YYVFCL1z6/  )

එකේදී අපි කිව්වා විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර හරහා ක්‍රියාත්මක වෙන පරිදි VET (vocational education and training) sector එකේ ජාතික ප්‍රතිසංස්කරණවල කොටසක් විදිහට පිහිටුවපු JSC 10ක් ගැන.

දැන් අපි කතා කරමින් ඉන්නේ එහි 1වෙනි JSC එක වන ‘BuildSkills Australia’ පිළිබඳව.

(ඔබව නොසිතූ ක්ෂේත්‍රයක ප්‍රවීනයෙක් කරන BuildSkills Australia. සම්පූර්ණ විස්තරය කියවන්න: https://sannasa.com.au/archives/9589

ඒ යටතේ ප්‍රධාන ක්ෂේත්‍ර 3ක් ආවරණය කරනවා. ඒවා තමයි Construction, Property සහ Water කියන sectors. අද අපි කතා කරමු Construction sector එක ගැන.

ඉදිකිරීම් (Construction)

ඉදිකිරීම් අංශය කියන්නේ විවිධ වෘත්තීය අවස්ථා ලබා දෙන ක්‍ෂේත්‍රයක්. skilled trades වගේම professional and managerial roles  මේකට අයිති වෙනවා. apprenticeships වල සිට නායකත්ව තනතුරු දක්වා මේ අංශය තුළ ප්‍රගතියක් ලබාගන්න BuildSkills ඔයාට උපකාරී වෙනවා.

BuildSkills වල ප්‍රධාන අවධානයක් යොමු කරන්නේ ඉදිකිරීම් ශ්‍රම බලකාය තුළ විවිධත්වය වැඩි කිරීමට සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඕනෑම පසුබිමක පුද්ගලයින් සඳහා විවිධ වෘත්තීන් ඇති බව පෙන්වීමටයි. Project Builder සහ වඩු කාර්මිකයන් වැනි වඩාත් ප්‍රසිද්ධ වෘත්තීන් වගේම, තවත් ඔබ නොසිතන බොහෝ වෘත්තීන් සංඛ්‍යාවක් මේ ක්‍ෂේත්‍රයට ඇතුලත් වෙනවා. උදාහරණ විදිහට; 

  • Environmental Engineers
  • Insulation and Home Improvement Installer
  • Heritage and Restoration Bricklayer

ඉතින් BuildSkills Australia සහය ලබාගන්න වගේම වැඩිදුර විස්තර දැනගන්න රජයේ buildskills.com.au වෙබ් අඩවියට පිවිසෙන්න.

Don't forget to share this post!

Recent Posts

733
December 28, 2025