ඕස්ට්‍රේලියාව තුල ජීවත් වෙන ඔයාට අදාළ වෙන වගේම ඔයා දැන සිටිය යුතුම ඕස්ට්‍රේලියානු නීති ගැන අපි කලින් articles වලින් කතා කරලා තිබෙනවා. පහත link එකෙන් ඔයාට ඒ හැම එකක්ම කියවන්න පුළුවන්.
ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න දැන සිටිය යුතුම නීති: https://sannasa.com.au/archives/9500
මේ නීති අතරින් ඇතැම් ඒවා ඔයා ඕස්ට්‍රේලියාවෙන් පිටතට ගියත් අදාළ වෙනවා.
ඉතින් අද අපි කියන්නේ ඕස්ට්‍රේලියානුවන්ට අදාළව විදේශයන්හි පවා ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියානු නීති ගැන.
විදේශයන්හි අදාළ වන ඕස්ට්‍රේලියානු නීති
ඕස්ට්‍රේලියානුවෙක් විදිහට විදේශගතව සිටින විට පවා සමහර ඕස්ට්‍රේලියානු නීති ඔයාට අදාළ වෙනවා. මේක ‘Extraterritorial jurisdiction’ (බාහිර ප්‍රදේශීය අධිකරණ බලය) ලෙස හැඳින්වෙනවා.
උදාහරණයක් විදිහට;
- මුදල් විශුද්ධිකරණය
- විදේශීය රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් දීම
- ත්‍රස්තවාදය
- මිනිස් ජාවාරම
- නූතන වහල්භාවය
- බලහත්කාර විවාහ
- ළමා ලිංගික අපරාධ
ආදී දේවල් වලට අදාල නීති ඇතුළත් වෙනවා.
සතුරු ක්‍රියාකාරකම්වල යෙදීමට විදේශගත වුවහොත් ඕස්ට්‍රේලියානු නීතිය යටතේ එම පුද්ගලයාට නඩු පැවරන්න පුළුවන්. උදාහරණයක් විදිහට, රටක නිල හමුදාවක් නොවන කණ්ඩායමක් සමඟ එක්ව සටන් කිරීම.
ඕස්ට්‍රේලියානු නීතිය කඩ කිරීමේ ප්රතිවිපාකවලින් ආරක්ෂා වෙන්න Consular සහාය ලබා දෙන්නේ නැහැ. Consular නිලධාරීන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියට බරපතල අපරාධ වාර්තා කරන්න බැඳී සිටිනවා.
විදේශයන්හි අපරාධ සිදු කරන ඕස්ට්‍රේලියානුවන් නීතිය හමුවට පමුණුවා ගැනීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කරනවා.