වොෂින්ටන් ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත්තේ Grays Harbor හි පදිංචිකරුවෙකු පෙබරවාරි මාසයෙන් පසු එක්සත් ජනපදයේ කුරුළු උණ ඇති බවට හඳුනාගත් පළමු පුද්ගලයා වන බවත්, H5N5 strain එක ආසාදනය වූ පළමු මිනිසා බවත්ය.
මෙම පුද්ගලයාට underlying conditions තිබූ බව නිලධාරීන් පවසනවා.
එක්සත් ජනපදයේ මීට පෙර හඳුනාගැනීම් වලදී H5N1 strain එක හමු වී ඇති අතර, එය පසුගිය වසර 2 තුළ දහස් ගණනක් ගවයින්ට මෙන්ම වාණිජ වශයෙන් මස් සඳහා ඇති කරන කුරුල්ලන්ට සහ වන පක්ෂීන්ටද ආසාදනය වී තිබුණා. H5N1 මිනිසුන්ට අසාදනය වුනු අවස්ථා වල බරපතල තත්ත්වයක් නොතිබුණු නමුත් ජනවාරි මාසයේදී Louisiana හිදී එක් මිනිසෙක් මිය ගොස් තිබෙනවා.
සති අන්තයේ පැවති සාකච්ඡාවකදී, රෝගියා දැඩි ලෙස රෝගාතුර වූ වැඩිහිටි පුද්ගලයෙකු ලෙස විස්තර කරන ලද අතර අධික උණ, ව්‍යාකූලත්වය සහ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වීමෙන් පසු රෝහල් ගත කර තිබෙනවා.
බලපෑමට ලක් වූ පුද්ගලයාගේ ගෙවත්තේ කුකුළන් ඇති කරන බව අනාවරණය වී තිබෙනවා. ගෘහස්ථ කුකුළන් හෝ වල් පක්ෂීන් වෛරසයට බොහෝ දුරට නිරාවරණය වීමට ඉඩ ඇති ප්‍රභවයයි. කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
මේ දක්වා, ප්‍රාන්තයේ වෙනත් කිසිදු පුද්ගලයෙකුට H5N5 ඇති බවට හඳුනාගෙන නැහැ. ඒ වගේම මිනිසාගෙන් මිනිසාට කුරුළු උණ සම්ප්‍රේෂණය වන බවටත් ලේඛනගත කර නැහැ.