දිනෙන් දින වැඩි වන මෝටර් රථ සොරකම් ගැන අපි කලින් article එකකින් කිව්වා.
දවසින් දවස වැඩි වෙන Car හොරු: https://sannasa.com.au/archives/9715
අද අපි කතා කරන්නේ මේ විදිහට සොරකම් වැඩි වෙන්න බලපාන ප්‍රධානතම හේතුවක් ගැන. ඒ තමයි cars එක ඇතුලේ key එක තියලා යන එක.
සොරුන් ඇස ගසාගෙන සිටින්නෙම මේ වගේ පහසු ඉලක්ක වෙතයි. 2024 සඳහා Allianz Motor Claims දත්ත මගින් මෙය සිදුවන පොදු අවස්ථා කිහිපයක් පෙන්වනවා.
- නොසැලකිලිමත් අවස්ථා: උදාහරණ විදිහට, සිල්ලර බඩු බෑමේදී, ඉන්ධන පිරවීමෙන් පසු ඉන්ධන සඳහා ගෙවීමේදී වගේ අවස්ථාවල
- Unlocked cars: ඔයා වාහනය Unlock කරලා යන සුළු වෙලාවක පවා සොරුන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකියි.
- අවධානය වෙනතකට යොමු කිරීම: හදිසි වැඩකට හෝ යම් දෙයක් සඳහා අවධානය වෙනතකට යොමු වෙන අවස්ථාවක යතුරු car එකේ තබා යා හැකියි.
- ව්‍යාජ ආරක්‍ෂිත හැඟීමක් තිබීම: ඔයාගේ වාහනය නිවසේ, driveway එකේ, ගරාජයේ හෝ ගේට්ටු සහිත මිදුලක ආරක්ෂිත යැයි ඔයාට හිතෙන්න පුළුවන්. නමුත් මේ වගේ ස්ථානයක වුණත් සොරකමක් සිදු වීමට ඉඩ තිබෙනවා.
- නොසිතන අවස්ථා: ඔයා car එකෙන් ඉවත් වන විට, තත්පර කිහිපයක් පවා සොරුන්ට අවස්තාවක් ලබා ගන්න පුළුවන්.
ඉතින් මේ වගේ අවස්තාවක සොරකම් කිරීමට ඇති අවධානම අඩු කරගන්නේ කොහොමද?