සෝනියා සහ සනී පළමු වරට රාත්‍රී දුම්රියකදී එකිනෙකා හමුවන අතර පළමු බැල්මෙන්ම ඔවුන් එකිනෙකාට ආකර්ෂණය වෙනවා. ඔවුන්ගේ වැඩිහිටියන් වරක් ඔවුන්ට විවාහ යෝජනා කළ බව මතක් වීම නිසා ලැජ්ජාවට පත් වෙනවා. එය සෝනියා සහ සනී වෙන් කිරීමට පමණක් ම උපකාරී වූ අවුල් සහගත මැදිහත්වීමක්.
මෑතකදී Vermont හිම කඳුකරයේ අධ්‍යාපනය අවසන් කළ නවකතාකාරියක් වන සෝනියා, ඉන්දියාවේ තම පවුල වෙත ආපසු පැමිණ ඇත්තේ, ඇය වරක් සමීපභාවය සහ ආශ්වාදය සඳහා යොමු වූ කලාකරුවෙකු විසින් ඇති කරන ලද අඳුරු මායාවන් හොල්මන් කරනු ඇතැයි යන බියත් සමගින්.
නිව් යෝර්ක් නගරයේ නැවත පදිංචි වුණු අරගලකාරී මාධ්‍යවේදියෙකු වන සනී, තම කරදරකාරී මවගෙන් ගැලවී යාමට උත්සාහ කරමින් සිටිනවා. මෙවන් පසුබිම් වල සිට ඔවුන්ගේ අනාගතය ගැන අවිනිශ්චිතව සිටින සෝනියා සහ සනී නූතන ලෝකයේ බොහෝ දුරස්ථභාවයන්ට මුහුණ දෙන අතරම ඔවුන් එක්ව අරඹන සතුට සෙවීමේ ගමන Kiran Desai ගේ The Loneliness of Sonia and Sunny කෘතිය හරහා දිගහැරෙනවා.
The Loneliness of Sonia and Sunny කියන්නේ තරුණයින් දෙදෙනෙකු ඔවුන්ගේ ජීවිත හැඩගස්වන බලවේග හරහා ගමන් කරන පුළුල් කතාවක්. රට, සමාජ පන්තිය, ජාතිය, ඉතිහාසය සහ එක් පරම්පරාවක් තවත් පරම්පරාවකට සම්බන්ධ කරන සංකීර්ණ බැඳීම් මේ හරහා දිග හැරෙනවා. ආදර කතාවක්, පවුල් වෘත්තාන්තයක් සහ විවිධ අදහස්වලින් පිරුණු නවකතාවක් වන මෙය, ඔබ කියවිය යුතුම කතාවක්.
මේ විශිෂ්ඨ ග්‍රන්ථය මේ වසරේ සැප්තැම්බර් මාසයේදී Hamish Hamilton විසින් ප්‍රකාශයට පත් කෙරුණු අතර 2025 Booker Prize එක සඳහා shortlist වී තිබෙනවා.