ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජයේ නිලධාරීන් හතර දෙනෙකුට එරෙහිව ඕස්ට්‍රේලියාව සෙනසුරාදා, මූල්‍ය සම්බාධක සහ සංචාරක තහනම් පනවා තිබෙනවා. විශේෂයෙන් කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා, පිරිහෙමින් පවතින මානව හිමිකම් තත්ත්වය මීට ප්‍රධානතම හේතුව වී තිබෙනවා.
තලේබාන් පාලනය යටතේ පවතින රටේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් මර්දනය කිරීමට සහ යහපාලනය හෝ නීතියේ ආධිපත්‍යය අඩපණ කිරීමට නිලධාරීන් සම්බන්ධ වී ඇති බව ඕස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍ය Penny Wong පැවසුවා.
බටහිර විසින් මෙහෙයවපු හමුදා, ඉස්ලාමීය සටන්කාමීන් බලයෙන් නෙරපා හැරීමෙන් පසු දශක දෙකක් තිස්සේ ඇෆ්ගන් ආරක්ෂක හමුදා පුහුණු කර තලේබාන්වරුන්ට එරෙහිව සටන් කළ NATO-led international force එකේ කොටසක් වීමෙන් පසු, 2021 අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්ථානයෙන් හමුදා ඉවත් කරගත් රටවල් කිහිපය අතර ඕස්ට්‍රේලියාවද සිටිනවා.
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය නැවත ලබා ගැනීමෙන් පසු, අධ්‍යාපනය සහ රැකියාව තහනම් කිරීම හරහා කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම් සහ නිදහස ගැඹුරින් සීමා කිරීම සම්බන්ධයෙන් විවේචනයට ලක්ව තිබෙනවා.
තලේබාන් සංවිධානය ඉස්ලාමීය නීතිය සහ දේශීය සිරිත් විරිත් පිළිබඳ එහි අර්ථ නිරූපණයට අනුකූලව කාන්තා අයිතිවාසිකම්වලට ගරු කරන බව පවසා තිබෙනවා.
ඇමතිනි Penny Wong නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, සම්බාධක මගින් තලේබාන් අමාත්‍යවරුන් තිදෙනෙකු සහ කණ්ඩායමේ අගවිනිසුරුවරයා ඉලක්ක කර ගත් බවත්, ගැහැණු ළමයින්ට සහ කාන්තාවන්ට අධ්‍යාපනය, රැකියාව, චලනය වීමේ නිදහස සහ පොදු ජීවිතයට සහභාගී වීමේ හැකියාව සීමා කළ බවට චෝදනා කළ බවයි.
මෙම පියවර නව ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිපත්ති වල කොටසක් වූ අතර එමඟින් ඇෆ්ගන් ජනතාවගේ පීඩනය ඉලක්ක කර ගනිමින් තලේබාන්වරුන්ට පීඩනය වැඩි කිරීම සඳහා තමන්ගේම සම්බාධක සහ සංචාරක තහනම් පැනවීමට හැකි වූ බව වොන්ග් පැවසුවා..
යුද්ධයෙන් බිඳ වැටුණු මෙම දකුණු ආසියානු රටෙහි තලේබාන්වරු නැවත බලයට පත්වීමෙන් පසු, ජනගහනයෙන් වැඩි පිරිසක් දැන් දිවි ගලවා ගැනීම සඳහා මානුෂීය ආධාර මත යැපෙන අතර ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වූවන්, බොහෝ දුරට කාන්තාවන් සහ ළමයින්, ඕස්ට්‍රේලියාව භාර ගත්තා.