කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයෙන් උසස් අධ්‍යාපනය හදාරන/ හදාරන්න කැමති ඔයාට ඒ සඳහා ඕස්ට්‍රේලියාව තෝරාගන්න හේතු වෙන දේවල් කිහිපයක් ගැන අපි කලින් article එකකින් කතා කළා. අද අපි බලමු ඕස්ට්‍රේලියාවේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයෙන් අධ්‍යාපනය හදාරන කෙනෙක්ට ලැබෙන අධ්‍යයන විකල්ප මොනවද කියලා.
Agriculture සහ agritech courses මඟින් ගොවිතැන සහ ස්වභාවික සම්පත් භාවිතා කිරීම පිළිබඳ දැනුම සහ හැකියාවන් වර්ධනය කර ගැනීමට උදව් වෙනවා. සාම්ප්‍රදායික ගොවිපලවල පමණක් නෙවෙයි, ජලජ පරිසර සහ අනෙකුත් පරිසරවලද අධ්‍යයන කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා.
ස්වභාවික සම්පත් නිෂ්පාදනයට අදාළ ගෝලීය, කලාපීය සහ දේශීය ගැටළු සහ කෘෂි තාක්‍ෂණය වඩ වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන ආකාරය පිළිබඳව ඔබට මෙහිදී ඉගෙනගන්න පුළුවන්. තිරසාර ආහාර නිෂ්පාදනය, ගොවිපළ කළමනාකරණය, ඉඩම් භාවිතය සහ ශාක වගා කිරීම සහ භාවිතා කිරීම වැනි මාතෘකා ගවේෂණය කිරීමටත් අවස්ථාව ලැබෙනවා.
ඔබ ශාක හා මල් සමඟ වැඩ කිරීමේ ප්‍රායෝගික කුසලතා ලබා ගන්න කැමතිද? එහෙමත් නැත්නම් ලොව පුරා ගොවිතැන සහ ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීමට නවෝත්පාදනයන් කිරීමට කැමතිද? මේ ඕනෑම අංශයකින් බොහෝ අධ්‍යයන විකල්ප තිබෙනවා.
මීට අදාළ ක්ෂේත්‍ර සඳහා උදාහරණ විදිහට;
- Crop Science
- Agriculture
- Forestry
- Horticulture
- Floristry
- Agricultural Science