මේ තැන් වලට ගිය අයට සරම්ප බෝ වීමේ අවදානමක්

  • Home
  • /
  • Health
  • /
  • මේ තැන් වලට ගිය අයට සරම්ප බෝ වීමේ අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකු පොදු නත්තල් කැරොල් උත්සවයකට සහභාගී වූ බව සෞඛ්‍ය බලධාරීන් අනාවරණය කරගෙන තිබෙනවා.

දෙසැම්බර් 9 වන දින සවස 5.40 ට පමණ ඩුබායි සිට Emirates flight EK420 න්, පර්ත් වෙත ආපසු පැමිණි මෙම පුද්ගලයා, පසුදා Shenton Park හි උද්‍යානයේ Voiceworks Carols වලට සහභාගී වී තිබෙනවා.

දෙසැම්බර් 10 සහ 17 අතර කාලය තුළ එම පුද්ගලයා Whitfords, Claremont සහ Karrinyup හි සාප්පු සංකීර්ණ කිහිපයකට සහ ප්‍රධාන සිල්ලර වෙළඳසැල් කිහිපයකටද ගොස් තිබෙනවා.

මෙම වසරේ බටහිර ඕස්ට්‍රේලියාවේ තහවුරු කරන ලද 58 වන සරම්ප රෝගියා මොහුයි.

වෛරසයට නිරාවරණය වීමෙන් පසු එය වර්ධනය වීමට දින 7ත් 18 ත් අතර කාලයක් ගත වෙනවා.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ සරම්ප ඉතා පහසුවෙන් බෝවන රෝගයක් වන අතර එය වාතයෙන් පිටවන ජල බිඳිති හරහා සමීප පුද්ගලයින්ට පැතිර යා හැකි බවයි.

ආසාදිත පුද්ගලයෙකු කාමරයෙන් පිටව ගොස් මිනිත්තු 30 කට පසුවත් වාතයේ ඇති ජල බිඳිති කාමරයකට ඇතුළු වන පුද්ගලයින්ට ආසාදනය විය හැකියි.

උණ, තෙහෙට්ටුව, නාසයෙන් දියර ගැලීම, කැස්ස හෝ ඇස් රතු වීම වැනි රෝග ලක්ෂණ මෙන්ම දින 3ක් හෝ 4කට පමණ පසු දිස්වන රතු පැහැති ලප කැසීමක් පිළිබඳව ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බව සෞඛ්‍යය බලධාරීන් පවසනවා.

එය සාමාන්‍යයෙන් ශරීරය පුරා පැතිරීමට පෙර මුහුණේ ආරම්භ වෙනවා. කැසීම දින 4ක් හෝ 7ක් පැවතිය හැකියි.

සරම්ප ඇති පුද්ගලයින්ට සාමාන්‍යයෙන් දැඩි අසනීප ගතියක් දැනෙන අතර සමහරුන්ට රෝහල් ගත වීමට සිදුවිය හැකියි.

මෙම රෝගයේ සංකූලතා අතර නියුමෝනියාව සහ කලාතුරකින් encephalitis (මොළයේ දැවිල්ල/ඉදිමීම) ඇතුළත් විය හැකියි.

කලින් එන්නත් ලබාගෙන ඇති අයට වුවද සරම්ප වර්ධනය විය හැකි නමුත් ආසාදනය සාමාන්‍යයෙන් මෘදු වන අතර එතරම් කාලයක් පවතින්නේ නැහැ.

සරම්ප ඇති පුද්ගලයෙක්ට ඔවුන්ගේ රෝග ලක්ෂණ ආරම්භ වීමට දිනකට පෙර සිට සහ ඔවුන්ගේ කැසීම ඇති වී දින 4ක් දක්වා එම පුද්ගලයාගෙන් වෙනත් අයෙක්ට රෝගය බෝවෙන්න පුළුවන්.

රෝග ලක්ෂණ ඇති ඕනෑම අයෙකුට සරම්ප ආසාදනයක් පිළිබඳව දැනුම් දීම සඳහා දුරකථන මාර්ගයෙන් වෛද්‍යවරයෙකු හෝ හදිසි ප්‍රතිකාර අංශයක් අමතන්නැයි බලධාරීන් ඉල්ලා සිටිනවා.

Don't forget to share this post!

Recent Posts

712
December 19, 2025