ඕස්ට්‍රේලියාවේ නත්තල කළඹන කාලගුණ අනාවැකිය මෙන්න

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවේ නත්තල කළඹන කාලගුණ අනාවැකිය මෙන්න

නත්තල් සමයේදී ඕස්ට්‍රේලියානුවන් මිලියන ගණනක් දරුණු ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක පසුවන අතර, North Territory, Queensland සහ NSW හි සමහර ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සහ ගංවතුර අනතුරු ඇඟවීම් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

කාලගුණ විද්‍යා කාර්යාංශයේ නවතම අනාවැකියට අනුව, NT සහ Queensland කාලගුණයේ දරුණුතම තත්ත්වය අත්විඳීමට නියමිත අතර, ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවලට දැනටමත් වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇද හැලෙමින් පවතිනවා.

ක්වීන්ස්ලන්තයේ Carpentaria, Barkly, සහ northwestern පුරෝකථන දිස්ත්‍රික්ක සඳහා ජීවිතයට තර්ජනයක් විය හැකි දරුණු ගිගුරුම් සහිත වැසි සහ අධික වර්ෂාපතනයක් පුරෝකථනය කර තිබෙනවා.

ගිනිකොනදිග ක්වීන්ස්ලන්තය සඳහා ද ගිගුරුම් සහිත වැසි සහ හදිසි ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Wide Bay සහ Burnett කලාප සහ Central Highlands සහ Coalfields හි සමහර ප්‍රදේශ සඳහා කාර්යාංශය හදිසි ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කළා. 

නිව් සවුත් වේල්ස් හි, Byron Bay ඇතුළු ප්‍රාන්තයේ ඊසානදිග කොටසේ trifecta අවදානමක් පිළිබඳව කාර්යාංශය අනතුරු අඟවනවා. එයට හානිදායක wind gusts, විශාල හිම කැට සහ අධික වර්ෂාපතනය ඇතුළත් වෙනවා.

 

වසර 19 කින් මෙල්බර්න්හි සීතලම නත්තල

මෙල්බර්න්හි සිටින අයට 2006 සිට නගරයට එළඹි සීතලම නත්තල් දිනය මෙවර උදා වෙනවා. මෙල්බර්න් වැසි එකක් හෝ දෙකක් සමඟ අංශක 12 – 18 ත් අතර පරාසයක් අපේක්ෂා කරනවා. 

නගරයෙන් ප්‍රාන්ත අභ්‍යන්තරයට වෙන්නට සිටින අයට නත්තල් දිනයේදී තරමක් උණුසුම් කාලගුණයක් අපේක්ෂා කළ හැකි නමුත් කාර්යාංශය දක්වන්නේ සතියේ අග භාගයේදී මුළු ප්‍රාන්තයම උණුසුම් වනු ඇති බවයි.

 

WA හි Heatwaves

දෙසැම්බර් 23-25 ​​දක්වා බටහිර ඕස්ට්‍රේලියාව පුරා දැඩි Heatwaves අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

පර්ත් ඇතුළු නගර ඉදිරි දිනවලදී උෂ්ණත්වය 30, 40 ගණන් සඳහා සූදානම් විය යුතු අතර අනතුරු ඇඟවීම් සහ heatwave safety guides පරීක්ෂා කිරීමට නිර්දේශ කර තිබෙනවා.

 

QLD සඳහා නත්තලින් පසු තවත් තද වැසි

ක්වීන්ස්ලන්තයේ සමහර ප්‍රදේශ සඳහා වැඩි වර්ෂාවක් පුරෝකථනය කර තිබෙනවා.

නත්තල් සහ අලුත් අවුරුද්ද අතර තද වැසි සහ ගංවතුර ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇති ප්‍රදේශ ලෙස මධ්‍යම සහ උතුරු ක්වීන්ස්ලන්තය නම් කර ඇති අතර එය මධ්‍යම වෙරළ තීරයේ සිට Carpentaria බොක්ක දක්වා සහ දේශසීමාව හරහා NT දක්වා විහිදෙනවා.

නත්තල් කාලය තුළ කුණාටු පද්ධති ගොඩනැගීම පිළිබඳව කාර්යාංශය අඛණ්ඩව නිරීක්ෂණය කරන අතර බලපෑමට ලක් වූ ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් වැඩිදුර යාවත්කාලීන කිරීම් හෝ අනතුරු ඇඟවීම් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙස ඉල්ලා සිටිනවා.

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025