ලංකාවට එරෙහිව ඇමරිකාව වෙනුවෙන් තරඟ වදින ජයසූරිය

  • Home
  • /
  • News
  • /
  • ලංකාවට එරෙහිව ඇමරිකාව වෙනුවෙන් තරඟ වදින ජයසූරිය

එළඹෙන ලෝක කුසලාන 20යි 20 තරඟාවලිය වෙනුවෙන් මෙරටට පැමිණෙන ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා හිටපු 3 ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය ද ඇතුළත්ව තිබෙනවා.
ලෝක කුසලාන තරඟාවලියට පෙර, පෙරහුරුවක් ලෙස ඇමෙරිකානු කණ්ඩායම තරඟ 5ක් ක්‍රීඩා කිරීමට ද නියමිතයි.
34 හැවිරිදි ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින තරඟ 12ක් සහ 20යි 20 තරඟ 18ක් ක්‍රීඩා කර තිබෙනවා.
ඉන් පසුවයි ඔහු ඇමෙරිකාවට සංක්‍රමණය වී එරට පළමු පෙළ තරඟ ක්‍රීඩා කිරීම ආරම්භ කළේ.
කෙසේ වෙතත් ඇමෙරිකානු ක්‍රිකට් ආයතනය එරට ලෝක කුසලාන සංචිතය තවමත් එළිදක්වා නැහැ.

 

Image credit: www.espncricinfo.com

Don't forget to share this post!

Recent Posts

771
January 28, 2026