වික්ටෝරියාව දැවෙද්දී විපතට පත් වූවන්ට රජයෙන් සහන

  • Home
  • /
  • Blog
  • /
  • වික්ටෝරියාව දැවෙද්දී විපතට පත් වූවන්ට රජයෙන් සහන

වික්ටෝරියාව පුරා නව ගිනි ගැනීම් ගණනාවක් ඇති වී ඇති අතර, එමගින් තත්ත්වය තවත් උග්‍ර අතට හැරී තිබෙනවා.

තද සුළං ඇතිවීමත් සමඟ හදිසි අනතුරු ඇඟවීම් කිහිපයක් ක්‍රියාත්මක වෙද්දී සිකුරාදා දිනෙන් පසුව තත්වයන් වෙනස් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවා ඇත්තේ, අතිශය භයානක ලෙස සැලකෙන තත්ත්වයන් 2ක් ඇතුළුව, ප්‍රාන්තය පුරා ගිනි ගැනීම් 40 ක් පමණ පවතින බවයි.

“බටහිර සිට නිරිත දෙසට සිසිල් සහ තද සුළං සහිත වෙනසක් දහවල් කාලයේදී නිරිත දෙසින් වර්ධනය වන බවට පුරෝකථනය කර ඇති අතර පසුව දහවල් සහ සවස් කාලයේ නැගෙනහිර දෙසට විහිදෙනවා” යනුවෙන් කාර්යාංශය අනතුරු අඟවා තිබෙනවා.

ගිනි නිවන භටයින් 700 කට වැඩි පිරිසක් ප්‍රාන්තය පුරා ගින්න මැඩපැවැත්වීමට උත්සාහ දරමින් සිටිනවා.

ගින්නෙන් නිවසක් විනාශ වීමෙන් 3 දෙනෙකු අතුරුදහන්

අලුතෙන් විනාශ වූ නිවසක් ඉදිරිපිට අවසන් වරට දුටු පුද්ගලයින් තිදෙනෙකු සොයාගත නොහැකි බව වාර්තා වෙනවා. මෙලෙස පාලනය කළ නොහැකි ලැව් ගින්නක මධ්‍යයේ පිහිටි නගරයක් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙල්බර්න් සිට 150km ක් පමණ උතුරින් පිහිටි Longwood හි ඇති වූ ගින්නකින් බලපෑමට ලක් වූ සමහර පිරිස් වෙත දන්වා ඇත්තේ ගින්න සමනය වීමේ කිසිදු සලකුණක් නොපෙන්වන බැවින් පිටව යාමට ප්‍රමාද වැඩි බවයි.

Longwood නැගෙනහිර ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකු, කාන්තාවක් සහ දරුවෙකු මෙලෙස සොයාගත නොහැකි බව පොලිසිය දක්වා ඇති අතර, බ්‍රහස්පතින්දා Country Fire Authorities (CFA) විසින් ඔවුන්ට ආරක්ෂිතව පිටව යාමට ප්‍රමාද වැඩි බැවින් නවාතැන් ගත යුතු බවට උපදෙස් දී තිබෙනවා.

පසුව එම ප්‍රදේශයට නැවත ගිය ගිනි නිවන්නෙකු ඊට පෙර එම පුද්ගලයින් තිදෙනා සිටිනු දුටු නිවස සම්පූර්ණයෙන්ම ගිනි ගෙන තිබෙනු දැක ඇති බවයි Victoria Police හි deputy commissioner Bob Hill පවසා තිබුණේ.

Federal සහ Victorian රජයන් විසින් හදිසි සහන ලබා දීම ප්‍රකාශයට පත්කර ඇති අතර වැඩිහිටියෙකුට $680 ක් සහ දරුවෙකුට $340ක් වශයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා වන ගෙවීමක් ලබා දීමට තීරණය වී තිබෙනවා.

පවතින තත්ත්වය හේතුවෙන් මාර්ග රැසක් ද වසා දමා තිබෙනවා.

Image Credit: bushfire.io

Don't forget to share this post!

Recent Posts

746
January 9, 2026