ගෝලීය භූ දේශපාලනික අස්ථාවරත්වය සහ US Federal Reserve එක වටා ඇති බිය නිසා වටිනා ලෝහ වාර්තාගත ඉහළම මට්ටම් කරා යමින් තිබෙනවා. ඒ අනුව රිදී, Nvidia අභිබවා යමින් 2වන වටිනාම වත්කම බවට පත්ව තිබෙනවා.
ඇමරිකානු වේලාවෙන් සඳුදා දිනයේ දී රිදී සහ රන් මිල වාර්තාගත ඉහළම මට්ටම් කරා ළඟා වුණා. Federal Reserve හි සභාපති Jerome Powell සම්බන්ධයෙන් එක්සත් ජනපද නඩු පවරන්නන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට කෙරුණු හෙළිදරව්වෙන් පසුව, ආයෝජකයින් ආරක්ෂිත ලෝහ මිලදී ගැනීමත් සමග තත්ත්වය ඇති වුණා.
මෙම පියවර පොලී අනුපාත නියම කිරීමට සහ උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳ පසුබෑමක් ඇති කළ අතර, එක්සත් ජනපද ඩොලරය අනෙකුත් මුදල් වර්ගවලට සාපේක්ෂව පහත වැටීම සහ ප්‍රධාන එක්සත් ජනපද දර්ශක පසුබෑමකට ලක්වීමත් සමඟ වත්කම් රැස් කිරීමක් ලෙස රන් සහ රිදී වෙත වඩාත් අවධානය යොමු වුණා.
රන් අවුන්සයක් 2.6% කින් ඉහළ ගොස් USD 4,625.34 ක සර්වකාලීන ඉහළම අගයක් වාර්තා කළ අතර USD 4600 සීමාව පසු කළ පළමු අවස්ථාව මෙයයි.
රිදී අවුන්සයක් 7.2% කින් ඉහළ ගොස් USD 85.73 ක වාර්තාවක් තැබුවා.
ප්‍රමාණයෙන් කුඩා රිදී වෙළඳපොළ, අනුපාත සහ ඩොලරයේ චලනයන්ට වඩා සංවේදී බැවින් එය මෙවැනි උත්සුකයන්ට වඩාත් දැඩි ලෙස ප්‍රතිචාර දැක්වීමට ඉඩ ඇති බව Julius Baer Group හි Carsten Menke පවසනවා.
CompaniesMarketCap ට අනුව, වටිනාම තනි වත්කම වන රන්, දැන් ඩොලර් ට්‍රිලියන 32.058 ක වෙළඳපල ප්‍රාග්ධනීකරණයක පවතිනවා.
රිදී දැන් ඩොලර් ට්‍රිලියන 4.779 ක් වන අතර එය ලොව වටිනාම සමාගම වන ඩොලර් ට්‍රිලියන 4.528 ක Nvidia සමාගම අභිබවා ගියා.