විදෙස්ගත වන ඕස්ට්‍රේලියානුවන්ට කෙරුණු අනතුරු ඇඟවීම

  • Home
  • /
  • News
  • /
  • විදෙස්ගත වන ඕස්ට්‍රේලියානුවන්ට කෙරුණු අනතුරු ඇඟවීම

ඕමානය සහ කටාර් වෙත සංචාරය කරන ඕස්ට්‍රේලියානුවන්ට ඕස්ට්‍රේලියානු සංචාරක අධිකාරියෙන් (Australian travel authority) නව අනතුරු ඇඟවීමක් ලැබී ඇති අතර, එම කලාපයේ නැවත ගැටුම් ඇති වන බවට අනුමාන කර තිබෙනවා.

බ්‍රහස්පතින්දා, Smartraveller රටවල් දෙකටම අදාළව තම උපදෙස් ලබා දෙමින්, සංචාරකයින්ට ඉතා ප්‍රවේශම් සහගත ලෙස කටයුතු කරන ලෙස නිර්දේශ කර තිබුණා.

“මැද පෙරදිග ආරක්ෂක තත්ත්වය අනපේක්ෂිත ය” යනුවෙන් ඕමානය සඳහා නිකුත් කරපු update එකේ සඳහන් කෙරුණා.

“මැද පෙරදිග ගැටුම් කලාපයේ වෙනත් තැන්වල තත්ත්වයන් වැඩි විය හැකි අතර ගුවන් අවකාශය වසා දැමීම්, ගුවන් ගමන් අවලංගු කිරීම් සහ වෙනත් සංචාරක බාධා ඇති විය හැකියි. ඔබේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන්න, සිදුවීම් නිරීක්ෂණය කරන්න සහ දේශීය උපදෙස් අනුගමනය කරන්න.”

එමගින් පෙළපාලි සහ විරෝධතා ඇති විය හැකි බවට අනතුරු ඇඟවූ අතර, දේශීය ආරක්ෂක තත්වයන් සුළු දැනුම්දීමකින් වෙනස් විය හැකියි.

සන්නද්ධ ගැටුම් සහ ප්‍රචණ්ඩ තර්ජන හේතුවෙන් යේමනය සමඟ ඕමානයේ දේශ සීමාවට ගමන් කිරීමේ අවශ්‍යතාවය නැවත සලකා බලන ලෙස ජනතාවට උපදෙස් ලබා දෙනවා.

“සියලු පෙළපාලි සහ විරෝධතාවලින් වළකින්න. updates සඳහා දේශීය මාධ්‍ය නිරීක්ෂණය කර බලධාරීන්ගේ උපදෙස් අනුගමනය කරන්න”යනුවෙන් අනතුරු ඇඟවීමේ සඳහන්.

කටාර් වෙත ගමන් කරන අයට ද ඒ හා සමාන අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අනපේක්ෂිත තත්ත්වය මධ්‍යයේ, ගුවන් තොටුපළ වසා දැමීම් සහ ගුවන් ගමන් වලට බාධා වීම් මෙන්ම විරෝධතා සහ විරෝධතා ක්‍රියාකාරකම් ද ඇති විය හැකි බව එහි සඳහන්.

ජනවාරි 14 වන දින කටාර්හි Al Udeid Air Base එකෙන් ඇමරිකානු නිලධාරීන් ඉවත් කිරීම පිළිබඳ වාර්තා ද Smartraveller සඳහන් කර තිබුණා.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන පාලන තන්ත්‍රයේ විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩකාරී මර්දනයට මැදිහත් වන බවට තර්ජනය කිරීමෙන් පසුව, එක්සත් ජනපදය සහ ඉරානය අතර ඉහළ ගිය තත්ත්වය මධ්‍යයේ මෙම පියවර ගෙන තිබෙනවා.

දෙසැම්බර් මාසයේදී, උද්ධමනය ඉහළ යාම සහ රියාල් බිඳවැටීම සම්බන්ධයෙන් ඉරානයේ විරෝධතා ඇති වූ අතර, එය එරට දේශපාලනයට විශාල අභියෝගයක් බවට පත්වුණා.

ඉරාන රජය පාලන තන්ත්‍රයට එරෙහිව විරෝධතා දක්වන විරෝධතාකරුවන් එල්ලා මැරීමෙන් වැළැක්වීම සඳහා මිලිටරි බලය යෙදවීම පිළිබඳ ට්‍රම්ප් මීට පෙර සිටම සලකා බලා තිබුණා.

Don't forget to share this post!

Recent Posts

771
January 28, 2026