වෙනිසියුලානු විපක්ෂ නායිකා María Corina Machado ඇගේ නොබෙල් සාම ත්‍යාගය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබෙනවා.
ඇය ධවල මන්දිරයේදී මෙලෙස එය පිරිනමා ඇත්තේ Norwegian Nobel Institute එක විසින් ත්‍යාගය අවලංගු කිරීමට හෝ මාරු කිරීමට නොහැකි බව පැහැදිලි කරමින් ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් සතියකට පසුවයි.
කෙසේ වෙතත්, ට්‍රම්ප් මහතා පදක්කම පිළිගෙන, ඔහුගේ Truth Social media platform එක හරහා ඇගේ නොබෙල් ත්‍යාගය, තමා කළ කාර්යය වෙනුවෙන් තමාට පිරිනැමීම වෙනුවෙන් ස්තූති කර තිබුණා.
Machado මහත්මිය හමුවීම තමාට මහත් ගෞරවයක් බව පැවසූ ට්‍රම්ප් මහතා, ඇය බොහෝ දේ අත්විඳ ඇති අපූරු කාන්තාවක් බවත් පැවසුවා.
පසුව ධවල මන්දිරය විසින් ට්‍රම්ප් ජනාධිපතිවරයා මැචාඩෝ සමග පදක්කම ප්‍රදර්ශනය කරන විශාල, රන් පැහැති frame එකක් ඔසවාගෙන සිටින ඡායාරූපයක් පළ කර තිබුණා.
“ශක්තිය තුළින් සාමය ප්‍රවර්ධනය කිරීමේ ඔබේ අසාමාන්‍ය නායකත්වයට කෘතඥතාව පළ කරමින් ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් වෙත” යනුවෙන් එහි සඳහන් කර ඇති අතර එය “වෙනිසියුලානු ජනතාව වෙනුවෙන් කෘතඥතාවයේ පෞද්ගලික සංකේතයක්” ලෙස නම් කර තිබුණා.
ට්‍රම්ප් මහතා පදක්කම තබා ගැනීමට අදහස් කරන බව ධවල මන්දිර නිලධාරියෙකු තහවුරු කළ බව Reuters වාර්තා කර තිබුණා.
මචාඩෝ මහත්මිය කැපිටල් හි සෙනෙට් සභිකයින් හමුවීමට පිටත්ව යාමට පෙර, බ්‍රහස්පතින්දා දේශීය වේලාවෙන් දිවා ආහාරය සඳහා ධවල මන්දිරයේදී මෙලෙස හමු වී තිබුණා.
ඇය එම දෙවන රැස්වීමෙන් පිටව යන විට රැස්ව සිටි මාධ්‍යය වලට පැවසුවේ “අපගේ නිදහස සඳහා ඔහුගේ අද්විතීය කැපවීම” සඳහා ට්‍රම්ප් මහතාට ගෞරවනීය ත්‍යාගය පිරිනැමූ බවයි.
ඉන්පසු මචාඩෝ මහත්මිය, ඇමරිකානු විප්ලවවාදී යුද්ධයේදී බ්‍රිතාන්‍යයන්ට එරෙහිව සටන් කළ ජෙනරාල්වරයෙකු වූ Marquis de Lafayette, විසින් දකුණු ඇමරිකානු විප්ලවවාදී නායක Simón Bolívar වෙත වසර 200 ක් පැරණි medal එකක් තෑගි කිරීම ගැනත් සඳහන් කළා.
Image credit: x.com/WhiteHouse