ඔයත් සරම්ප අවධානම ඇති ස්ථානයකට ගියාද?

  • Home
  • /
  • Health
  • /
  • ඔයත් සරම්ප අවධානම ඇති ස්ථානයකට ගියාද?

තවත් රෝගීන් දෙදෙනෙක් තහවුරු වීමෙන් පසුව NSW හි අගනුවර හදිසි සරම්ප අනතුරු ඇඟවීමකට යටත් කර තිබෙනවා.

බදාදා ප්‍රකාශයක් නිකුත් කරමින්, NSW Health සිඩ්නි හි ජනතාවට දන්වා සිටියේ සරම්ප රෝගය වැඩි වීමේ අවදානමකට මුහුණ දී සිටින නිසා, රෝගයේ සලකුණු සහ රෝග ලක්ෂණ පිළිබඳව විමසිලිමත් වන ලෙසයි.

හඳුනාගත රෝගීන් දෙදෙනාගෙන් එක් අයෙකුට, මේ මස මුලදී හඳුනාගත් Sydney ජීවත් වන අයෙකුගෙන් රෝගය වැළඳී ඇති අතර අනෙක් රෝගියා මෑතකදී අග්නිදිග ආසියාවෙන් ආපසු පැමිණි අයෙක්.

“දැනට NSW හි සරම්ප රෝගයේ වැඩි අවදානමක් පවතිනවා.” යනුවෙන් ප්‍රකාශයේ සඳහන් වෙනවා.

පසුගිය වසරේ දෙසැම්බර් 1 වන දින සිට රෝගීන් 11 දෙනෙකු තහවුරු වී ඇති අතර විදේශයන් හි නිවාඩු ගත කළ ජනතාව ආපසු පැමිණෙන විට එම සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව දෙපාර්තමේන්තුව පැවසුවා.

“මෑතකදී තහවුරු කරන ලද රෝගීන් තමාට රෝගය ඇති බව නොදැනුවත්වම සිඩ්නි පුරා බොහෝ ස්ථානවලට පැමිණ තිබෙනවා. මෙම ස්ථාන අඛණ්ඩ අවදානමක් ඇති නොකරයි” යනුවෙන් NSW Health පැවසුවා.

Health Protection NSW හි විධායක අධ්‍යක්ෂ වෛද්‍ය Christine Selvey පැවසුවේ, සරම්ප රෝග ලක්ෂණ තිබේදැයි ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි. NSW Health website එකේ ලැයිස්තුගත කර ඇති ස්ථාන වලට එම සඳහන් වේලාවන් වලදී ගමන් කළා දැයි පරීක්ෂා කරන ලෙසත් ඇය පැවසුවා.

“අවධානයෙන් සිටිය යුතු රෝග ලක්ෂණ අතර උණ, නාසයෙන් දියර ගැලීම, ඇස්වල වේදනාව සහ කැස්ස ඇතුළත් වන අතර, සාමාන්‍යයෙන් දින 3ක් හෝ 4කට පසු හිසේ සිට ශරීරයේ අනෙකුත් කොටස් දක්වා පැතිරෙන රතු, ලප සහිත කැසීමක් ඇති වේ” යනුවෙන් වෛද්‍ය Selvey දක්වා හිටියා.

සරම්ප එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාවය ගැන ද එහිදී මතක් කර සිටියා. සරම්ප රෝගයට නිරාවරණය වීමෙන් පසුව පවා, එන්නත ඉක්මනින් ලබා ගන්නවා නම්, රෝගය වළක්වා ගත හැකි බවත් ඇය සඳහන් කළා. එම නිසා නිසි පරිදි වෛද්‍ය උපදෙස් ලබාගෙන සරම්ප රෝගයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන්න.

Don't forget to share this post!

Recent Posts

771
January 28, 2026