Mobile Phone සහ Seatbelt Detection Cameras මාර්තු 1 වන ඉරිදා සිට තනි මංතීරු මාර්ගවල ඔවුන්ගේ සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීම ආරම්භ කෙරෙන බව NSW Transport දන්වනවා. මේ දක්වා, කැමරා මගින් පරීක්ෂා කළේ එක් දිශාවකට ගමන් කරන රථවාහන මංතීරු දෙකක් දක්වා පමණයි.
මෙහිදී නව කැමරා එකතු නොකෙරුණත්, පවතින ඒවායේ capabilities පුළුල් කිරීම මඟින් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට අපේක්‍ෂා කෙරෙනවා.
“අපි වසර හතකට පමණ පෙර ජංගම දුරකථන හඳුනාගැනීමේ කැමරා ක්‍රියාත්මක කළ විට, ඉලක්කය වූයේ NSW හි සෑම ලියාපදිංචි වාහනයක්ම සාමාන්‍යයෙන් වසරකට අවම වශයෙන් 20 වතාවක් පරීක්ෂා කිරීමට හැකි වීමයි,” යනුවෙන් NSW Transport Secretary Josh Murray මහතා පැවසුවා.
“එතැන් සිට, NSW හි ලියාපදිංචි වාහන සංඛ්‍යාව 12% කින් පමණ ඉහළ ගොස් ඇති අතර එය මිලියන 6.7 සිට මිලියන 7.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.”
Murray මහතා පැවසුවේ, ප්‍රාන්ත රජයේ ජංගම දුරකථන හඳුනාගැනීමේ වැඩසටහන NSW හි මාර්ග ආරක්ෂාව කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇති බවත්, 2024 දී ආසන පටි වැරදි හඳුනාගැනීම එකතු කිරීමෙන් එය ශක්තිමත් වූ බවයි.
“2025 දී මෙම කැමරා මගින් පරීක්ෂා කරන ලද සෑම වාහන 1300 කටම 1ක ආසන පටි නීති කඩ කරන අයෙකු සිටි අතර සෑම 1200 න් 1 ක් පමණ තම ජංගම දුරකථනය නීති විරෝධී ලෙස භාවිතා කරමින් සිට තිබෙනවා” ඔහු පැවසීය.
“transportable cameras වල ව්‍යාප්තිය මාර්තු මාසයේ ආරම්භ වන අතර එය ක්‍රියාත්මක කිරීමට මාස 6ක් ගතවනු ඇත. Fixed mobile phone සහ seatbelt cameras වෙනස් නොවේ.”
මෙම වසරේ මේ දක්වා NSW මාර්ගවල පුද්ගලයින් 52 දෙනෙකු මිය ගොස් ඇති අතර 2025 දී ප්‍රාන්තය තුළ එම සංඛ්‍යාව 314 ක්.
මෙම මස මුලදී නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය මූල්‍ය වර්ෂයේදී traffic-enforcement cameras හරහා NSW රියදුරන්ගෙන් ඩොලර් මිලියන 100 කට වඩා ලබාගෙන තිබෙනවා.
2024-25 දී, කැමරා මගින් අනාවරණය කරගත් ජංගම දුරකථන භාවිතය සම්බන්ධ වැරදි සඳහා දඩ 130,000 ක් පමණ නිකුත් කර ඇති අතර, ආසන පටි වැරදි සඳහා දඩ 126,000 කට වඩා නිකුත් කර තිබෙනවා.
NSW ආදායම් දත්ත මගින් පෙන්නුම් කරන්නේ එම කැමරා මගින් හඳුනා ගන්නා ලද වැරදි වලින් පමණක් ඩොලර් මිලියන 100 කට වඩා දඩ ආදායමක් උපයා ඇති බව සහ, ආසන පටි බලාත්මක කිරීම 2024 ජූලි 1 වන දින හඳුන්වා දුන් අතර, එහි පළමු වසර තුළ දඩ මුදල් වශයෙන් ඩොලර් මිලියන 50 කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති බවයි.
Image credit: www.news.com.au