ප්ලාස්ටික් අඩංගු විය හැකි බවට ඇති සැකයක් නිසා එක්තරා snack වර්ගයක් ආහාරයට නොගන්න ලෙස අනතුරු අඟවා තිබෙනවා.
ප්ලාස්ටික් අනාවරණය වීම හේතුවෙන් Kagro NSW Pty Ltd හි Pinkfong Seasoned Seaweed Flakes 40g, Food Standards Australia New Zealand (FSANZ) විසින් ආපසු කැඳවා තිබෙනවා.
“පාරිභෝගිකයින් මෙම නිෂ්පාදනය අනුභව නොකළ යුතුයි. ප්ලාස්ටික් අඩංගු ආහාර පරිභෝජනය කළහොත් ආබාධ / රෝගාබාධ ඇති විය හැකියි” යනුවෙන් FSANZ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
“සම්පූර්ණ මුදල් ආපසු ලබාගැනීම සඳහා පාරිභෝගිකයින් එම නිෂ්පාදනය මිලදී ගත් ස්ථානයට ආපසු ලබා දිය යුතුයි. ඔවුන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන ඕනෑම පාරිභෝගිකයෙකු වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.” යනුවෙන් ද, බදාදා නිවේදනයක් නිකුත් කරමින් FSANZ කියා සිටියා.
නිෂ්පාදනයේ භාවිත කළ හැකි දිනය (use by date) එක මෙම වසරේ අගෝස්තු 20 දක්වා පවතිනවා.