SLISPP Netball Tournament Australia – 2026
ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන Netball ක්‍රීඩාවට ආදරය කරන ඔබට ගොඩක් සුවිශේෂී අවස්ථාවක් ගැන තමයි මේ කියන්න හදන්නේ. ඒ තමයි ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් 2ම සලකූ විට, පැවැත්වෙන එකම සහ දැවැන්තම ශ්‍රී ලාංකික Netball තරඟාවලිය ගැන.
ශ්‍රී ලාංකික පාසල් වල අධ්‍යාපනය ලැබූ ආදි ශිෂ්‍යාවන් වෙනුවෙන් පැවැත්වෙන Sri Lankan Interschool Past Pupils’ Netball තරඟාවලිය 4 වන වරටත් පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් වී ඇත.
ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන, මලියදේව බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ Devians Victoria Chapter එක විසින් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලැබේ.
2023 වර්ෂයේ දී ප්‍රථම වතාවට මෙම Sri Lankan Interschool Past Pupils’ Netball තරඟාවලිය සංවිධානය කෙරුණු අවස්ථාවේ දී ඊට කණ්ඩායම් 10ක් තරඟ වැදී ඇත. ඊට පසුව 2වන වසරේ දී කණ්ඩායම 15ක්, 3 වන වරට කණ්ඩායම් 17ක් ලෙස වර්ධනය වුණු මෙම දැවැන්ත තරඟාවලිය සඳහා මෙම 2026 වසරේ දී විවිධ පාසල් නියෝජනය කරමින් කණ්ඩායම් 22ක් සහභාගී වීමට නියමිතයි.
ඒ සඳහා එක් එක් පාසල් 16කින් කණ්ඩායම් 20ක් සහ විවිධ පාසල් වල ආදි ශිෂ්‍යාවන්ගෙන් එකතුවෙන් සමන්විත මිශ්‍ර කණ්ඩායම් 2ක් ඇතුළත් වේ. ඒ අනුව සමස්ත ශ්‍රී ලාංකික පාසල් 35ක ආදි ශිෂ්‍යාවන් මෙම තරඟාවලිය හරහා එකම තරඟ බිමකට පිවිසීම සුවිශේෂී අවස්ථාවක්.
මෙහි තරඟ වදින කණ්ඩායම් 22 අතරින් මූලික කණ්ඩායම් තරඟ වලදී ඉහළ ලකුණු ලබාගන්නා කණ්ඩායම් Sri Lankan Interschool Past Pupils Netball Championship Trophy එක සහ Runner-Up සඳහා තරඟ වදින අතර, අනෙකුත් කණ්ඩායම් Plate Championship Trophy එක සහ Runner-Up සඳහා වදිනු ඇත.
ඊට අමතරව මෙවර තරඟාවලිය සඳහා තවත් සුවිශේෂී අංගයක් එක් වී තිබේ. එනම් Sri Lankan Past Pupils Kids Championship තරඟාවලියයි. ප්‍රථම වතාවට සංවිධානය වන මෙම තරඟාවලිය සඳහා ඕස්ට්‍රේලියාවේ සිටින ලාංකීය ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වයස අවුරුදු 13ත් 17ත් අතර දියණියන් සහභාගී වන අතර ඔවුන් Championship Trophy එක සහ Runner-Up සඳහා තරඟ වැදීමට නියමිතයි.
ඒ අතර වයස අවුරුදු 13ට අඩු දරුවන් සඳහා ප්‍රදර්ශන තරඟයක් ද සංවිධානය කර ඇත.
Sri Lankan Interschool Past Pupils’ Netball තරඟාවලියේ නිර්මාතෘ සහ එහි Independent Tournament Organising Committee එකේ සභාපති මෙන්ම Tournament Head ලෙස ද කටයුතු කරන නිල්මිණී දසනායක මහත්මිය අප හා අදහස් දක්වමින් පැවසුවේ ශ්‍රී ලංකාවේ සිටියදී Netball ක්‍රීඩාවේ දස්කම් දැක්වූ අති දක්ෂයින්ට නැවත තම දක්ෂතාවයන් එළි දැක්වීමට අවස්ථාව සලසා දීමට සහ ක්‍රීඩාව හරහා ආදි ශිෂ්‍යාවන් අතර මිත්‍රත්වය, සහයෝගීතාවය වර්ධනය කිරීම අරමුණු කරගෙන මෙවැනි තරඟාවලියක් සංවිධානය කිරීමට මූලිකත්වය ගත් බවයි.
එසේම ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකීය දරුවන්ට Netball ක්‍රීඩාව හරහා ඉදිරියට යාමට මං පෙත් විවර කර දීමේ අරමුණින් මෙවර විශේෂයෙන්ම Kids Championship එක සහ වයස අවුරුදු 13ට අඩු දරුවන්ගේ ප්‍රදර්ශන තරඟය සංවිධානය කර ඇති බවත් එය තරඟාවලියට විචිත්‍රත්වයක් එක කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඇය සඳහන් කළාය.
මෙම මාර්තු 9වන සඳුදා යෙදී ඇති Labour Day නිවාඩු දිනයේදී, Casey Stadium එකට පැමිණෙන ඔබට, මෙම දැවැන්ත තරඟාවලිය සජීවීව දැක බලා ගත හැකියි.
මේ දැවැන්ත ක්‍රියාන්විතය පසුපස Tingo Education – Australia, KGS Migration, Eden Globe, Meta Tax, Ozrich Finance, EPICUREX, Athura, Signature By Yash, Heritance, Care Integrity Agency, Design 24, SANDAL Tax Advisory Pty Ltd යන ඔබේ ප්‍රියතම සේවාවන් Devians Victoria Chapter එක සමඟ අත්වැල් බැඳගෙන සිටියි.
නිල Media & Video Coverage එක EDEN PULSE, Official Tournament Photographer ලෙස Randy Fernando, Official Tournament MC ලෙස කසුන් කල්හාර, Tournament Host ලෙස සචිනි නිපුන්සලා ඇතුළු කණ්ඩායමක එකතුවෙන් අලංකාර වෙන මෙම දැවැන්ත තරඟාවලිය DJ NADISHH සංගීතයෙන් විචිත්‍රවත් වේ.
මෙම තරඟාවලිය Devians Victoria Chapter හි ස්වාධීන සංවිධායක මණ්ඩලයක් විසින් අපක්‍ෂපාතීව සංවිධානය කරනු ලබන අතර ඕස්ට්‍රේලියාවේ සුදුසුකම් ලත් අපක්ෂපාතී විනිසුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම මෙම තරඟාවලියේ දී ක්‍රීඩා කරන සියලුම ක්‍රීඩිකාවන්, විනිසුරුවරුන්, නිලධාරී මණ්ඩලය, සංවිධායකයින්, Player injury insurance එකක් හරහා ආවරණය කර ඇති අතර නැරඹීමට පැමිණෙන ආදරණීය ප්‍රේක්ෂක ඔබ ද Public Liability Insurance එකක් හරහා ආවරණය කෙරේ.
මෙලෙස ශ්‍රී ලංකාවෙන් පිටත සංවිධානය වුණු ශ්‍රී ලාංකීය ආදි සිසුවියන්ගේ ප්‍රථම සහ දැවැන්තම, දැල්පන්දු සටන නරඹන්න ඔබට ලැබෙන මේ අවස්ථාවට සහභාගී වන ලෙස Victoria ප්‍රාන්ත වැසියන්ට ආරාධනා කර සිටිනවා.
මෙම තරඟාවලියේ Tournament Head, නිල්මිණී දසනායක මහත්මිය පැවසුවේ ඉදිරි වර්ෂ වලදී තව තවත් පුළුල් ලෙස වැඩි කණ්ඩායම් සංඛ්‍යාවක් සමඟ තරඟාවලිය සැලසුම් කිරීමට බලාපොරොත්තු වෙන බවයි. ඒ අනුව ඉදිරි වසර වලදී ඔබේ ආදරණීය පාසල නියෝජනය කරමින් මෙම තරඟාවලියේ දී තරඟ වැදීමට ඔබටත් අවස්ථාව හිමිකර ගත හැකියි.
Netball ක්‍රීඩාවට ආදරය කරන, ශ්‍රී ලාංකිකත්වයට, අපේ කමට ආදරය කරන ඔබ හැමෝටම ආදරයෙන් ආරාධනා කර සිටිනවා මෙම තරඟාවලිය සජීවීව නැරඹීමට, මාර්තු 9 වන සඳුදා, උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා Casey Stadium එකට පැමිණෙන ලෙස. ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ.
පාසල් පිටියේ දී, ජාතික තරඟ බිමේ දී මෙන්ම ජාත්‍යන්තර පිටියේ දී පවා දස්කම් දැක්වූ මෙම අති දක්ශයින්ගේ සුපුරුදු ක්‍රීඩා විලාශයන් යළි දියත් කෙරෙන මෙම අගනා අවස්ථාවට ඔබත් එක් වන්න.
මෙවැනි දැවැන්ත තරඟාවලියක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය තුළ සංවිධානය කිරීමට මුලිකත්වය ගත් නිල්මිණී දසනායක මහත්මිය ඇතුළු Devians Victoria Chapter හි සියලුම ආදි මලියදේව බාලිකාවන්ටත්, ලක් බිම තුළ ලබාගත් පන්නරය Melbourne පුරා ජය කෙහෙළි නංවන්නට තරඟ වදින සියලු කණ්ඩායම් වලටත් සන්නස අපෙන් උණුසුම් සුබපැතුම්!

Sri Lankan Interschool Past Pupils Netball Tournament Australia – 2026
Date: March 9, 2026
Time: 8.00 AM – 6.00 PM
Location: Casey Stadium, 65 Berwick-Cranbourne Rd, Cranbourne East VIC 3977
වැඩිදුර විස්තර දැනගැනීමට:
Nilmini: 0452 614 025
Ash: 0404 411 686
Facebook: Sri Lankan Interschool Past Pupils’ Netball Australia

