අලුත් වෙන ඕස්ට්‍රේලියානු Training visa එක ගැන දැනගන්න

  • Home
  • /
  • News
  • /
  • අලුත් වෙන ඕස්ට්‍රේලියානු Training visa එක ගැන දැනගන්න

​ඕස්ට්‍රේලියානු රජය Training (subclass 407) visa application requirements update කරමින් තිබෙනවා. සැබෑ කුසලතා සංවර්ධනයට සහාය වීම සහතික කිරීම අරමුණු කරගෙනයි මේ වෙනස්කම් සිදු කෙරෙන්නේ.

2026 මාර්තු 11 වන දින සිට, අනෙකුත් වලංගු අවශ්‍යතා වලට අමතරව, Training visa බලපත්‍රයක් සඳහා අයදුම් කරන සියලුම නව අයදුම්කරුවන්ට වලංගු Training visa application එකක් ඉදිරිපත් කිරීමට පෙර පහත සඳහන් දෑ සම්පූර්ණ වන තුරු සිටීමට සිදු වෙනවා;

  1. ඔවුන්ගේ sponsor, temporary activities sponsor කෙනෙකු ලෙස අනුමත කළ යුතුයි 
  2. Sponsor, Commonwealth agency එකක් නොවේ නම්, sponsor සඳහා අනුමත Training visa nomination තිබිය යුතුයි.

මීට පෙර, sponsorship and Training visa nomination application එක සමඟම වලංගු වීසා අයදුම්පත ඉදිරිපත් කිරීමට හැකියාව තිබුණා. Training visa එක ලබා දීමට පෙර අනුමැතිය ලබා ගැනීම ප්‍රමාණවත් වුණා.

අනුග්‍රාහකයින් යෝජිත පුහුණු ආරම්භක දිනයට බොහෝ කලකට පෙර sponsorship and nomination applications ඉදිරිපත් කළ යුතුයි.

ඕස්ට්‍රේලියාවේ අයදුම්කරුවන්ට, sponsorship and Training visa nomination එක department එක විසින් සකස් කර දෙන තුරු බලා සිටින කාලයේදී වලංගු වීසා බලපත්‍රයක් තිබිය යුතුයි.

අයදුම්කරුවන්ට ඔවුන්ගේ Training visa application එක සඳහා Bridging visa බලපත්‍රයක් ලබා ගත හැක්කේ ඔවුන් වලංගු Training visa application එකක් ඉදිරිපත් කළ පසු පමණයි

Don't forget to share this post!

Recent Posts

802
March 12, 2026