Australian Immi App එක දැන් ශ්‍රී ලංකාවටත්

  • Home
  • /
  • Lifestyle
  • /
  • Australian Immi App එක දැන් ශ්‍රී ලංකාවටත්

Australian Immi App එක අඛණ්ඩව ව්‍යාප්ත වීමත් සමඟ ඕස්ට්‍රේලියාවට සංචාරය කිරීම සරල වෙලා තිබෙනවා.

Australian Immi App එකේ නවතම expansion එකට ස්තූතිවන්ත වෙන්න, ලොව පුරා සිටින වීසා අයදුම්කරුවන්ට දැන් ඕස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන එක තවත් පහසුයි.

2026 මාර්තු 24 වන දින සිට, Department of Home Affairs විසින් තවත් රටවල් 13 ක් සඳහා මෙම app එක හඳුන්වා දුන් අතර, එමඟින් Offshore Biometric Collection Program එක යටතට ගැනෙන මුළු රටවල් සංඛ්‍යාව 47 දක්වා ඉහළ යනවා.

ඉතින් මෙවර ශ්‍රී ලංකාව ද මීට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

මේ සඳහා අලුතෙන් එක් කරන ලද රටවල්:

මාර්තු 24 වන දින සිට, පහත සඳහන් රටවල සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට Australian Immi App එක භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා.

  • Albania
  • Bhutan
  • Bosnia and Herzegovina
  • Cambodia
  • Eswatini
  • Ethiopia
  • Ghana
  • Lesotho
  • Nepal
  • Somalia (third-country nationals)
  • Sri Lanka
  • Uganda
  • Zimbabwe

 

දැන් රටවල් 47 කට යෙදුම ලබා ගත හැකි වීමත් සමඟ, ඕස්ට්‍රේලියානු රජය වීසා ක්‍රියාවලිය වේගවත්, සරල සහ පහසු කිරීම සඳහා වූ පොරොන්දුව ඉටු කරමින් සිටිනවා.

Australian Immi App එක භාවිතා කරමින්, සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට ඔවුන්ගේ facial biometrics සහ passport information, smartphone වලින් කෙලින්ම ඉදිරිපත් කරන්න පුළුවන්. මේ මගින් බොහෝ අවස්ථාවලදී biometric collection centre එකකට පැමිණීමේ අවශ්‍යතාවය ඉවත් වෙනවා. මෙම app එක භාවිතා කිරීමට සුදුසුකම් ලැබීමට නම්, සේවාලාභීන් මීට පෙර ඔවුන්ගේ biometrics (facial image සහ fingerprints) දෙපාර්තමේන්තුවට ලබා දී තිබිය යුතු අතර වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබිය යුතුයි.

 

Full eligibility details, step-by-step guidance සහ technical requirements දැනගැනීම සඳහා පිවිසෙන්න: https://immi.homeaffairs.gov.au/help-support/meeting-our-requirements/biometrics/australian-immi-app

 

Image credit: www.homeaffairs.gov.au

Don't forget to share this post!

Recent Posts

817
April 2, 2026