එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉස්ලාමීය තන්ත්‍රය සමඟ ද්වි පාර්ශ්වික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සති 2ක කාලයකට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ ලබා දීමට ඉරානයේ chief diplomat පොරොන්දු වී තිබෙනවා.
ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය සමුද්‍ර සන්ධිය අවහිර කළ අතර, ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් කපා හැර ඉන්ධන මිල ඓතිහාසික ලෙස ඉහළම මට්ටමට ගෙන ගියා.
පකිස්ථාන මැදිහත්වීමේ උත්සාහයන්ට ප්‍රශංසා කරමින් ඉරාන විදේශ අමාත්‍ය Seyed Abbas Araghchi බදාදා (AEST) පැවසුවේ ටෙහෙරානය ට්‍රම්ප් පරිපාලනය විසින් ඉදිරිපත් කරන ලද කරුණු 15 කින් යුත් සාම සැලැස්මක් සලකා බලමින් සිටින බවයි.
“ඉරානයට එරෙහි ප්‍රහාර නතර කළහොත්, අපගේ බලවත් සන්නද්ධ හමුදා ඔවුන්ගේ ආරක්ෂක මෙහෙයුම් නවත්වනු ඇත” යනුවෙන් Araghchi මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණා.
“සති 2ක කාලයක් සඳහා, ඉරානයේ සන්නද්ධ හමුදා සමඟ සම්බන්ධීකරණයෙන් සහ තාක්ෂණික සීමාවන් නිසි ලෙස සලකා බැලීමෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වනු ඇත.”
ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ “අද රාත්‍රියේ ඉරානයට යවන විනාශකාරී බලවේගය නවත්වන” බව නිවේදනය කිරීම සමඟයි මෙය සිදු වුණේ.
“ඉරානයට බෝම්බ හෙලීම සහ ප්‍රහාර එල්ල කිරීම සති 2ක කාලයක් සඳහා අත්හිටුවීමට මම එකඟ වෙමි” යනුවෙන් ඔහු සඳහන් කර තිබුණා.
“මෙය ද්වි පාර්ශ්වික CEASEFIRE එකක් වනු ඇත! එසේ කිරීමට හේතුව නම්, අපි දැනටමත් සියලු මිලිටරි අරමුණු සපුරා ඒවා ඉක්මවා ගොස් ඇති අතර, ඉරානය සමඟ දිගුකාලීන සාමය සහ මැද පෙරදිග සාමය පිළිබඳ නිශ්චිත ගිවිසුමකට බොහෝ දුරට ළඟා වී තිබීමයි”
“එක්සත් ජනපදයට ඉරානයෙන් කරුණු 10 ක යෝජනාවක් ලැබී ඇති අතර, එය සාකච්ඡා කිරීමට සලකා බැලිය හැකි පදනමක් බව විශ්වාස කරනවා” යනුවෙන් ඔහු තවදුරටත් පවසනවා.
“අතීත මතභේදයේ විවිධ කරුණු සියල්ලම පාහේ එක්සත් ජනපදය සහ ඉරානය අතර එකඟතාවකට පැමිණ තිබෙනවා. නමුත් සති දෙකක කාලයක් ගිවිසුම අවසන් කර සම්පූර්ණ කිරීමට ඉඩ සලසයි” යනුවෙන් ට්‍රම්ප් දක්වනවා.
“ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ජනාධිපති ලෙස සහ මැද පෙරදිග රටවල් නියෝජනය කරමින්, මෙම දිගුකාලීන ගැටලුව විසඳුමකට ආසන්නව තිබීම ගෞරවයක්.”
ට්‍රම්ප් මහතා මීට පෙර අනතුරු ඇඟවූයේ “මුළු ශිෂ්ටාචාරයක්ම අද රාත්‍රියේ මිය යනු ඇති අතර නැවත කිසිදා ගෙන ඒමට නොහැකි වනු ඇත” යනුවෙන්.
මෙම අදහස් දැක්වීමෙන් පසු තෙල් මිල පහත වැටී තිබෙනවා. ජාත්‍යන්තර මිණුම් ලකුණ වන Brent Crude 15% කින් පහත වැටී ඇති අතර බදාදා උදෑසන වන විට එහි මිල දැක්වුණේ බැරලයක් US$92.21 ක් ලෙසයි.
ඇමරිකානු ප්‍රමිතිය වන බටහිර ටෙක්සාස් බොරතෙල් බැරලයක් (West Texas crude) 16% කට වඩා අඩුවී ඇති අතර එහි මිල දැක්වෙන්නේ US$94.47 ක් ලෙසයි.