අපි කලින් Article එකකින් කතා කළා ඕස්ට්‍රේලියාවේ citizenship එක ගන්න අවශ්‍ය වෙන general residence requirements ගැන.
අද අපි බලමු ඊට සමබන්ධ තවත් වැදගත් දේවල් කිහිපයක් වන permanent residence එක Calculate කරන විදිහ සහ ඊට අදාළ වෙන Exemptions සහ special circumstances ගැන.
Calculate your permanent residence
ඔයාගේ residency එක ආරම්භ වෙන්නේ;
- ඔයා ඕස්ට්‍රේලියාවේ සිටියදී permanent visa එක ලබා දුන් දිනයේ සිට හෝ
- Permanent visa එක යටතේ ඔයා ඕස්ට්‍රේලියාවට පළමුව පැමිණිය දිනයේ සිටයි.
ඔයා අවශ්‍ය requirements සපුරනවද කියලා හරියටම දැනගන්න පහත link එකෙන් ගිහින් immi.homeaffairs.gov.au වෙබ් අඩවියේ තිබෙන Residence Calculator එක භාවිතා කරන්න.
https://immi.homeaffairs.gov.au/help-support/tools/residence-calculator
Exemptions and special circumstances
ඔයා;
- වයස අවුරුදු 16 ට අඩු නම්
- 2002 අප්‍රේල් 4 වන දිනට පෙර පුරවැසිභාවය අහිමි වූ හිටපු ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුට දාව උපත ලැබුවානම්
- 1975 සැප්තැම්බර් 16 වන දිනට පෙර Papua හි උපත ලැබුවානම් සහ ඔබේ දෙමව්පියන්ගෙන් එක් අයෙකු ඕස්ට්‍රේලියාවේ උපත ලබා තිබීම සහ ඔබ උපත ලබන විට ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වූයේ නම්
අපි කලින් කතා කරපු residence requirement සපුරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
ඔයා apply කරන විට ඔයාගේ claim එකට සහාය වන documents ලබා දිය යුතුයි.