ඕස්ට්‍රේලියාවේ Citizenship එක ගන්න අවශ්‍ය PR සුදුසුකම්

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ Citizenship එක ගන්න අවශ්‍ය PR සුදුසුකම්

අද අපි කතා කරන්නේ Australian citizen කෙනෙක් වෙන්න (by conferral) අවශ්‍ය වෙන සුදුසුකම් අතරින් ප්‍රධාන කරුණු කිහිපයක් ගැන.

New Zealand Special Category visa (SCV) දරන්නන් ඇතුළු ස්ථිර පදිංචිකරුවන්, conferral මගින් පුරවැසියෙකු වීම ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වීමට තිබෙන පොදු ක්‍රමයක්. මේ සඳහා අයදුම් කිරීමට පෙර ඔයා ස්ථිර පදිංචිකරුවෙකු විය යුතු වෙනවා වගේම ඒ සඳහා සපුරාලිය යුතු නිර්ණායක කිහිපයක් තිබෙනවා.

ඒ අතරින් අද අපි කතා කරමු Residence requirement එක සම්බන්ධව.

 

Residence requirement

ඔබ දැනටමත් ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ කාලය අපි සලකා බලමු. ඇතැම් අවස්ථාවලදී, ඔයාට මෙම requirement එකෙන් නිදහස් වෙන්නත් අවස්ථාව ලැබෙන්න පුළුවන්.

 

General Residence Requirement

ඔයා අයදුම් කරන අවස්තාව වන විට;

  • ඔයා අයදුම් කරන දිනට පෙර වසර 4 ක්, වලංගු වීසා බලපත්‍රයක් මත ඕස්ට්‍රේලියාවේ ජීවත් වී තිබිය යුතුයි.
  • ඔයා අයදුම් කරන දිනට පෙර, පසුගිය මාස 12 තුළ ස්ථිර වීසා බලපත්‍රයක් හෝ SCV එකක් තිබිය යුතුයි.
  • පසුගිය වසර 4 තුළ මුළු මාස ​​12 කට වඩා සහ අයදුම් කිරීමට පෙර අවසාන මාස 12 තුළ මුළු දින 90 කට වඩා වැඩි කාලයක් ඕස්ට්‍රේලියාවෙන් පිටවී සිට නොතිබිය යුතුයි.

 

වයස අවුරුදු 16 ට අඩු දරුවන්  general residence requirement සැපිරීමේ අවශ්‍යතාවයක් නොමැති නමුත් ඔවුන්ද ස්ථිර පදිංචිකරුවෙක් විය යුතුයි.

Zealand Special Category visa (SCV) දරන්නෙකු නම්, ඕස්ට්‍රේලියාවෙන් පිටත සිටියදී පුරවැසිභාවය සඳහා ස්ථිර පදිංචිකරුවෙකු ලෙස සලකනු ලබනවා. 

මේ නිර්ණායක  යටතේ ඔයාගේ permanent residence එක Calculate කරන විදිහ අපි ඉදිරියේ දී කතා කරමු.

Don't forget to share this post!

Recent Posts

828
April 17, 2026