මේ සතියේ ඕස්ට්‍රේලියාව පුරා අධික වැසි තත්ත්වයක් අපේක්‍ෂා කරන බවට අනාවැකි පළ කරනවා. මාස කිහිපයකින් ඇති වන දරුණුතම වර්ෂාපතනය මෙය විය හැකි බවයි එමඟින් දන්වා සිටින්නේ.
ඉදිරි දිනවලදී සෑම state එකකම සහ territory එකකම තද වැසි, ගිගුරුම් සහිත වැසි සහ තද සුළං ඇතිවනු ඇතැයි අපේක්ෂා කරන අතර, අඩු පීඩන තත්ත්වය රට පුරා ගමන් කරන විට NSW සහ Tasmania හි සමහර ප්‍රදේශවලට ගංවතුර ඇති විය හැකි බවටයි අනතුරු අඟවන්නේ.
සඳුදා සිට සතියේ මැද භාගය දක්වා දකුණු ඕස්ට්‍රේලියාව, ක්වීන්ස්ලන්තය, NSW, වික්ටෝරියා, ටස්මේනියාව, ACT සහ Northern Territory එකේ දකුණු ප්‍රදේශය පුරා වැසි සහිත කාලගුණය පැතිරෙනු ඇතැයි අපේක්ෂා කරන අතර සතියේ අගභාගයේදී තත්ත්වය තවත් නැගෙනහිර දෙසට ගමන් කරනවා.
“අධික වර්ෂාපතනයක් ඇති විය හැකි අතර සමහර ප්‍රදේශවලට මාස කිහිපයකින් ඇතිවන වැඩිම වර්ෂාපතනය විය හැකිය” යනුවෙන් කාලගුණ විද්‍යා කාර්යාංශයේ කාලගුණ විද්‍යාඥ Jonathan How මහතා සඳුදා පැවසුවා.
කාලගුණ අනාවැකි වලින් පෙනී යන්නේ සඳුදා සහ සිකුරාදා රාත්‍රිය අතර ගිනිකොනදිග සහ නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවලට වැසි ලැබෙනු ඇති බවයි. නමුත් ගිගුරුම් සහිත වැසි සහ වැසි කලාප වර්ධනය වන ස්ථානය අනුව තත්ත්වය සැලකිය යුතු ලෙස වෙනස් වනු ඇතැයි අපේක්ෂා කරනවා.
වර්ෂාපතනය මුලින් දකුණු ඕස්ට්‍රේලියාව, බටහිර ක්වීන්ස්ලන්තය, බටහිර NSW සහ වික්ටෝරියා වෙත යොමු වන බවත්, පසුව සතියේ මැද පටන් පුළුල් වැසි ඇද හැලෙන බවත් How මහතා පැවසුවා.
“කෙසේ වෙතත්, සතියේ මැද සිට එම වැසි නැගෙනහිර දෙසට, මධ්‍යම සහ ගිනිකොනදිග ක්වීන්ස්ලන්තය, නැගෙනහිර NSW සහ නැගෙනහිර ටැස්මේනියාව දෙසට ගමන් කරනවා.” ඔහු පැවසුවා.
Weatherzone පැවසුවේ නැගෙනහිර ටැස්මේනියාවට සහ නැගෙනහිර සහ උතුරු NSW වෙත අධික වර්ෂාපතනයක් සහ ගංවතුර අවදානමක් ඇති බවත්, නැගෙනහිර වික්ටෝරියා, දකුණු ක්වීන්ස්ලන්තය, සහ ACT හි සමහර ප්‍රදේශවල ද සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි.
දකුණු ක්වීන්ස්ලන්තයේ, වෙරළබඩ ප්‍රදේශවල සිට Darling Downs ඇතුළු අභ්‍යන්තර ප්‍රදේශ දක්වා 100mm දක්වා වර්ෂාපතනයක් ලැබිය හැකි බව කාර්යාංශය පවසනවා.
NSW හි, වයඹ බෑවුම් සහ මධ්‍යම බටහිර ප්‍රදේශ හරහා වර්ෂාපතනයේ මුළු ප්‍රමාණය 100mm ඉක්මවිය හැකි අතර, මෙම සතිය අගදී වෙරළට ඔබ්බෙන් අඩු පීඩන පද්ධතියේ වර්ධනය සහ චලනය මත පදනම්ව වෙරළබඩ ප්‍රදේශවලට 150mm ට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබිය හැකියි.
ඉදිරි දිනවලදී අභ්‍යන්තර NSW, NSW දකුණු වෙරළ තීරය සහ ගිනිකොනදිග ක්වීන්ස්ලන්තය පුරා දැඩි ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාර්යාංශය අනතරු ඇඟවූ අතර එමඟින් අධික වර්ෂාපතනය, හානිදායක සුළං සහ විශාල හිම කැට ඇතිවීමේ අවදානමක් තිබෙනවා.
“ප්‍රධාන අවදානම අධික වර්ෂාපතනය වනු ඇත. නමුත් ගිනිකොනදිග සහ මධ්‍යම ක්වීන්ස්ලන්තය සඳහා හානිදායක සුළං මෙන්ම විශාල හිම කැට වර්ෂාපතනයක් ඇතිවීමේ අමතර අවදානමක් ඇත.” යනුවෙන් How මහතා පැවසුවා.