“ලාභයෙන් Hot Dog එකක්වත් ගන්න බැහැ!” ගුවන් සමාගම් මේ සැරසෙන්නේ නැවතත් Ticket Prices ඉහළ දමන්නද?

  • Home
  • /
  • Lifestyle
  • /
  • “ලාභයෙන් Hot Dog එකක්වත් ගන්න බැහැ!” ගුවන් සමාගම් මේ සැරසෙන්නේ නැවතත් Ticket Prices ඉහළ දමන්නද?

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔයා ඉදිරි කාලයේදී ලංකාවට යන්න හෝ වෙනත් රටක සංචාරය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, ගුවන් ටිකට් පත් සඳහා වෙනදාට වඩා වැඩි මුදලක් වැය කරන්න සිදුවන ලකුණු පහළ වී තිබෙනවා. 

International Air Transport Association (IATA) විසින් නිකුත් කළ නවතම වාර්තාවලට අනුව, ආසියා-පැසිෆික් කලාපයේ ගුවන් සේවාවල එක් මගියෙකුගෙන් ලබන ලාභය මේ වසරේදී 35% කින් පමණ පහත වැටෙනු ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

 

මොකක්ද මේ හදිසි අර්බුදයට හේතුව?

මේ තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ලෝක වෙළඳපොළේ ජෙට් ඉන්ධන (Jet Fuel) මිල 70% කින් පමණ ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ආසියානු රටවල මුදල් ඒකකවල අගය පහත වැටීමයි. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය නිසා බොරතෙල් සැපයුමට එල්ල වී ඇති බාධා මීට සෘජුවම බලපා තිබෙනවා.

IATA හි අධ්‍යක්ෂ ජනරාල් Willie Walsh බ්‍රසීලයේ පැවැති සමුළුවකදී අපූරු ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, මේ වන විට ආසියා-පැසිෆික් කලාපයේ ගුවන් සමාගමකට එක් මගියෙකුගෙන් ලැබෙන ලාභය ඇමරිකානු ඩොලර් 3.40 ක් තරම් අඩු අගයකට වැටී ඇති බවයි.

“මේ පවතින තත්ත්වය අනුව ගුවන් සමාගමකට මගියෙකුගෙන් ලැබෙන ලාභයෙන් FIFA ලෝක කුසලාන තරඟාවලියක් පැවැත්වෙන ක්‍රීඩාංගණයකින් Hot Dog එකක්වත් මිලදී ගන්න බැහැ.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.

 

Qantas සහ Virgin සමාගම් ගත් ක්ෂණික පියවර

මේ දැඩි බලපෑම නිසා ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම ගුවන් සමාගම් ද්විත්වය වන Qantas සහ Virgin Australia දැනටමත් ක්‍රියාත්මක වී අවසන්. ඉන්ධන මිල දෙගුණයකින් ඉහළ යාම හමුවේ ඔවුන් ගුවන් ටිකට් පත් මිල ඉහළ දැමීමටත්, ගුවන් වාර ගණන සීමා කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

Qantas සමාගම ඔවුන්ගේ Domestic flights 5% කින් අඩු කර ඇති අතර, මැදපෙරදිග කලාපයෙන් බැහැරව යුරෝපය පැරිස් සහ රෝමය වැනි ආරක්ෂිත කලාප වෙත ගුවන් යානා වැඩි වශයෙන් යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Virgin Australia සමාගමද මාර්තු සහ අප්‍රේල් මාසවලදී ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා ගුවන් ගමන් ගාස්තු සංශෝධනය කර ඇති අතර, මැයි මාසයෙන් පසුවද අඛණ්ඩව මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන තොග සපයා ගැනීමට කටයුතු කරමින් සිටිනවා.

 

ඕස්ට්‍රේලියානු රජයෙන් සහනයක්?

මේ අතර, පවතින ඉන්ධන හිඟයට සහ මිල පාලනයට පිළියමක් ලෙස ඕස්ට්‍රේලියානු රජය මැදිහත් වී චීනයෙන් ජෙට් ඉන්ධන ලීටර් මිලියන 100 ක් ඇණවුම් කර ඇති අතර, එම ඉන්ධන තොගය ජුනි මාසයේ මුල් සතියේ සිට ඕස්ට්‍රේලියාවට ලැබීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, ගෝලීය වශයෙන් ගුවන් සමාගම්වල ලාභය 2025 වසරට සාපේක්ෂව මේ වසරේදී අඩකින් පමණ අඩු වනු ඇතැයි පුරෝකථනය කර ඇති නිසා, ඉදිරි මාස කිහිපය තුළ ගුවන් ගමන් සඳහා ටිකක් වැඩිපුර වියදමක් දරන්නට සිදුවෙයි.

Don't forget to share this post!

Recent Posts

883
June 11, 2026