ශ්‍රී ලංකා පුරවැසිභාවය නැවත ලබාගන්න අවශ්‍ය Supporting Documents ඔක්කොම

  • Home
  • /
  • Blog
  • /
  • ශ්‍රී ලංකා පුරවැසිභාවය නැවත ලබාගන්න අවශ්‍ය Supporting Documents ඔක්කොම

ශ්‍රී ලංකා පුරවැසිභාවය නැවත ලබාගන්න අවශ්‍ය Supporting Documents ඔක්කොම 

ඕස්ට්‍රේලියාවේ සිටින ඔයාට ගොඩක් වැදගත් කරුණක් වෙන ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට අදාළ මූලික දේවල් ගැන අපි කලින් articles කිහිපයකින්ම කතා කළා.

ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කරන හරිම විදිහ

Dual Citizenship Application එක වැරදි නැතුව Fill කරන්නේ කොහොමද?

 

අද අපි බලමු 19 (2) වගන්තිය යටතේ ශ්‍රී ලංකා පුරවැසිභාවය නැවත ලබා ගැනීම (Resumption of Sri Lankan Citizenship) සඳහා අවශ්‍ය වෙන Supporting Documents ගැන.

ශ්‍රී ලංකා පුරවැසිභාවය නැවත ලබා ගැනීමට ඉදිරිපත් කළ යුතු Supporting Documents

  • Passport Size Colour Photographs 3ක්: ඉන් එකක් අයදුම්පතේ පළමු පිටුවේ අදාළ කොටුවේ ඇලවිය යුතුයි.
  • උප්පැන්න සහතිකය: ඔස්ට්‍රේලියානු උප්පැන්න සහතික, සත්‍යාපනය කරවා ගැනීම අවශ්‍ය නොවේ.
  • විවාහ සහතිකය: ඔස්ට්‍රේලියානු විවාහ සහතිකයක් නම්, එය Australian Passport Office (APO) එක මඟින් සත්‍යාපනය කර තිබිය යුතුයි.
  • Sri Lankan Passport (ඇත්නම්): එහි Biodata & Observations Pages
  • Foreign Passport: එහි Biodata & Observations Pages. අයදුම්පත භාරදෙන දිනයේ සිට අවම වශයෙන් මාස 6ක වලංගු කාලයක් මෙම ගමන් බලපත්‍රයට තිබිය යුතුයි.
  • Australian Citizenship Certificate එක 
  • පොලිස් වාර්තාව (NAME CHECK ONLY CERTIFICATE): ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) මඟින් නිකුත් කරන ලද “Name Check Only” Certificate එක (National Police Certificate). මෙය ඉදිරිපත් කරන විට මාස 3කට වඩා පැරණි නොවිය යුතුයි. එමෙන්ම මෙහි Digital Certificates පිළිගන්නේ නැහැ.

මේ documents අයදුම් කරන පුද්ගලයාට අදාලව සහ අයදුම් කරන්නාගේ කාලාත්‍රයාට (සැමියා/බිරිඳ) සහ අවිවාහක දරුවන් සඳහා වෙන වෙනම ඉදිරිපත් කළ යුතුයි.

 

ඉහත සඳහන් සෑම Supporting Document එකකම මුල් පිටපත (Original document එක) සහ Photocopies set 01 බැගින් ඉදිරිපත් කළ යුතුයි. 

  • අයදුම්පත භාරදීමට පෙර, ඒ සමඟ ඇති Checklist එක හොඳින් කියවා බලන්න.
  • සියලුම ඡායා පිටපත් A4 ප්‍රමාණයේ කොළවල තිබිය යුතුය.
  • සෑම certificate එකකම සහ card එකකම දෙපැත්තෙහිම Copies ඉදිරිපත් කළ යුතුයි.
  • Passports වල bio-data page එකේ සහ observation page එකේ copies ඉදිරිපත් කළ යුතුයි.
  • මුල් ලේඛන වෙනුවට ඒවායේ පරිවර්තන පමණක් ඉදිරිපත් කිරීම පිළිගන්නේ නැහැ.

 

ලේඛන සහතික කිරීම පිළිබඳ උපදෙස්

  • ශ්‍රී ලංකාවේ ආයතන මඟින් නිකුත් කළ මුල් ලේඛන ඉදිරිපත් කරන්නේ නම්, ඒවා කොන්සල් ජනරාල් කාර්යාලය මඟින් සහතික කරවා ගන්න පුළුවන්.
  • ඔස්ට්‍රේලියාවේ ආයතන මඟින් නිකුත් කළ ලේඛන Checklist එකේ සඳහන් කර ඇති පරිදි, ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයේ (Australian Passport Office – APO) Authentication Section එක මඟින් Authenticated/Certified කර තිබිය යුතුයි. (ලිපිනය: Level 2, Collins Square, 747 Collins Street, Docklands, Australia)
  • වෙනත් රටක (ශ්‍රී ලංකාව හෝ ඔස්ට්‍රේලියාව නොවන) ආයතන මඟින් නිකුත් කළ ලේඛන එම අදාළ රටේ බලයලත් රජයේ ආයතන මඟින් authenticated/certified කර තිබිය යුතුයි.

 

Don't forget to share this post!

Recent Posts

883
June 11, 2026