EV රැල්ල ඉවරද? Toyota ලෝකය හොල්ලන්න හදන අලුත්ම වැඩේ මෙන්න!

  • Home
  • /
  • Lifestyle
  • /
  • EV රැල්ල ඉවරද? Toyota ලෝකය හොල්ලන්න හදන අලුත්ම වැඩේ මෙන්න!

හැමෝම මේ දවස්වල ඉලෙක්ට්‍රික් කාර් (EV) ගැනමනේ කතා වෙන්නේ. හැබැයි EV එකක් පැය ගණන් චාර්ජ් වෙනකන් බලන් ඉන්න එක බොහෝ දෙනෙක් වැඩිය කැමති දෙයක් නෙවෙයි.

හැබැයි මොකද කියන්නේ… පෙට්‍රල්, ඩීසල්වලට වඩා ගාණ අඩු, හැබැයි පරිසරයටත් කිසිම හානියක් නැති, විනාඩි 5න් ටැංකිය පුරවගන්නත් පුළුවන් සුපිරි ඉන්ධනයක් ලෝකෙට ආවොත්?

ඇත්තටම මේක හීනයක් නෙවෙයි. ලෝකෙ ලොකුම වාහන නිෂ්පාදකයෙක් වෙන Toyota සමාගම දැන් මේ හීනය සැබෑවක් කරන්නයි යන්නේ!

 

මොකක්ද මේ අලුත්ම සෙල්ලම?

ටොයෝටා ආයතනය මේ වෙනකොට අතිවිශාල මුදලක් වියදම් කරලා Liquid Hydrogen එහෙමත් නැත්නම් ද්‍රව හයිඩ්‍රජන්වලින් දුවන අලුත්ම එන්ජින් වර්ගයක් නිපදවලා තියෙනවා. මේකෙන් වෙන්නේ සාමාන්‍ය පෙට්‍රල්, ඩීසල් කාර් වගේම එන්ජිම ඇතුළේ මේ ඉන්ධන දහනය වෙලා වාහනය ඉස්සරහට යන එක. හැබැයි දුම වෙනුවට පිටවෙන්නේ පිරිසිදු වතුර වාෂ්ප විතරයි!

වටිනාම දේ තමයි මේ Liquid Hydrogen හදන්න පුළුවන් සාමාන්‍ය මුහුදු වතුරෙන්! ඒ කියන්නේ ඉන්ධන හිඟයකටත් නියම විසඳුමක්.

 

කලින් ආපු හයිඩ්‍රජන් කාර්වලට වඩා මේක වෙනස් වෙන්නේ කොහොමද?

මීට කලිනුත් හයිඩ්‍රජන්වලින් දුවන කාර් (Fuel Cell Vehicles) ආවා. හැබැයි ඒවයේ සිද්ධ වුණේ හයිඩ්‍රජන්වලින් බැටරියක් චාර්ජ් කරලා, ඒකෙන් මෝටරයක් කැරකැවෙන එක. ඒක හරියට ඉලෙක්ට්‍රික් කාර් එකක් වගේමයි. 

හැබැයි Toyota ලගේ මේ අලුත් Liquid Hydrogen එන්ජිම වැඩ කරන්නේ අපේ පරණ පෙට්‍රල් කාර් වගේමයි.

Rumbling Engine, Roaring Exhaust, Gear Shifting වගේ සුපුරුදු ලක්‍ෂණ හැම එකක්ම මේකේ තියෙනවා.

කෙටියෙන් කිව්වොත් කාර් වලට කැමති Petrolheadsලා ආස කරන අර පරණ ගැම්ම ඒ විදිහටම මේකේ තියෙනවා.

 

ඇත්තටම මේක සාර්ථකද කියලා බලන්නේ කොහොමද?

Toyota සමාගම මේ තාක්ෂණය ලෝකෙටම ඔප්පු කරලා පෙන්වන්න තෝරගෙන තියෙන්නේ ලෝකෙ තියෙන අමාරුම රේස් එකක් වෙන “24 Hours of Le Mans” රේස් එකයි. පැය 24ක් එක දිගට දුවන මේ රේස් එක, අලුත් තාක්ෂණයන් උරගා බලන්න නියම තැනක්. 1950 ගණන්වල Disc Brakes වල ඉඳන් අද තියෙන hybrid තාක්ෂණය දක්වා හැම දෙයක්ම මුලින්ම ආවේ මේ රේස් ට්‍රැක් එකෙන්.

පහුගිය 2023, 2024 සහ 2025 අවුරුදු තුනේම දිගටම Ferrari සමාගම දිනපු දිනුම් නතර කරලා, මෙන්න මේ පාර Le Mans රේස් එකේ පළවෙනි සහ තුන්වෙනි ස්ථාන දෙකම දිනාගත්තේ Toyota සමාගමේ හයිබ්‍රිඩ් රේසිං කාර් එකයි. BMW සමාගමටත් මේ පාර හොඳ තරඟයක් ලබාදෙන්න ටොයෝටා සමාගමට හැකි වුණා.

ඉතින් හයිබ්‍රිඩ්වලින් ලෝකය දිනපු ටොයෝටා, ඊළඟට මේ Liquid Hydrogen තාක්ෂණයත් Le Mans රේස් එකට දාලා ඔප්පු කරලා පෙන්නුවා.

 

ඉස්සරහට මොකද වෙන්නේ?

ලෝකෙම EV පස්සේ දුවද්දී, ටොයෝටා තනියම වෙනස්ම පාරක යනවා. මේ Liquid Hydrogen වැඩේ සාර්ථක වුණොත්, අපිට ඉස්සරහට පරිසරයත් රැකගෙන, කිසිම කරදරයක් නැතුව පරණ විදිහටම කාර් පදින්න පුළුවන් වෙයි.

ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ඉස්සරහට ලෝකය පාලනය කරන්නේ EV කාර්ද? එහෙමත් නැත්නම් මේ වගේ හයිඩ්‍රජන් කාර්ද? 

 

 

Image credit: www.news.com.au

Don't forget to share this post!

Recent Posts

891
June 15, 2026