දරුවෙකුගේ සුවිසල් සිහින සැබෑ කිරීමට නම් ඔවුන්ට කුඩා කල සිටම නිසි මඟපෙන්වීමක් අවශ්‍ය වේ. ඒ නිසයි අපේ දරුවන්ට ජීවිතයේ හොඳම ආරම්භය ලබා දෙන්න අපි හැමෝම සෑම මොහොතකම උත්සාහ කරන්නේ. වයස අවුරුදු 3 සහ 4 යනු දරුවෙකුගේ බුද්ධිමය හා සමාජීය වර්ධනය වේගවත් වන වයසක් බැවින්, ගුණාත්මක ළදරු පාසල් (Kinder) වැඩසටහනක වැදගත්කම වික්ටෝරියා රජය විසින් අවධාරණය කර තිබේ. වික්ටෝරියා රජයේ නිල වෙබ් අඩවියට අනුව, දැන් ප්‍රාන්තය පුරා සිටින අවුරුදු 3 සහ 4 දරුවන් වෙනුවෙන් “නොමිලේ ළදරු පාසල්” (Free Kinder) වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මෙමඟින් අපේ දරුවන්ට උසස් අධ්‍යාපන පදනමක් වගේම දෙමාපියන්ට විශාල මූල්‍යමය සහනයක්ද හිමිවෙනවා.
01. ඔබේ දරුවාගේ අනාගතයට ශක්තිමත් පදනමක් දමන රජයේ නොමිලේ ළදරු පාසල් වැඩසටහන පිළිබඳ පහත සඳහන් වැදගත් තොරතුරු රැසක් දැන් ඔබට එකම තැනකින් කියවා ගත හැකිය.
- ප්‍රී-පෙප් (Pre-Prep) යනු කුමක්ද?
- ළදරු පාසල් පැය ගණන වෙන්වන්නේ කෙසේද?
- දරුවන් ලැබූ ඔප්පු කරන ලද සාර්ථක ප්‍රතිඵල
- මාපියන්ට හා ළදරු පාසල්වල අධ්‍යාපනවේදීන්ට එක්ව කටයුතු කළ හැක්කේ කෙසේද?
- ළදරු පාසලේ දී සැබවින්ම සිදු වන්නේ කුමක්ද?
- ළදරු පාසල් අපගේ බහු සංස්කෘතික ප්‍රජාවෙහි කොටසක් වන්නේ කෙසේද?
- පවතින ළදරු පාසල් වැඩසටහන් වර්ග මොනවාද?
🔗 මේ සියලුම කරුණු පිළිබඳව නිල වෙබ් අඩවියේ ඇති විස්තර සිංහල භාෂාවෙන්ම කියවා බලා දැනුවත් වීමට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න: https://www.vic.gov.au/sinhalese-benefits-kinder
02. වික්ටෝරියා රජයේ නිල වෙබ් අඩවිය මඟින් දෙමාපියන් වන ඔබට ළදරු පාසල් ක්‍රියාවලිය පහසු කරවීම සඳහා අවශ්‍ය සියලුම මඟපෙන්වීම් සිංහල භාෂාවෙන්ම ලබා දී තිබෙනවා. පහත කරුණු පිළිබඳව පියවරෙන් පියවර නිවැරදිව දැනුවත් වීමට ඔබට හැකිය.
- ලියාපදිංචි වන ආකාරය සහ ඒ සඳහා අවශ්‍ය දේවල්
- කලින් ආරම්භ කරන ළදරු පාසල් (Early Start Kindergarten – ESK) පිළිබඳ විස්තර
- සුදුසු ළදරු පාසල් වැඩසටහන් සොයා ගන්නා ආකාරය
- රජයේ අනුමැතිය සහ ගුණාත්මකභාවය තහවුරු කරන Kinder Tick තිබේදැයි බලන ආකාරය
🔗 ඔබේ දරුවා ලියාපදිංචි කිරීමට සහ මෙම සියලුම තොරතුරු සිංහලෙන්ම කියවා බැලීමට දැන්ම පහත ලින්ක් එකෙන් පිවිසෙන්න: https://www.vic.gov.au/how-and-when-enrol-sinhalese
03. වික්ටෝරියා රජයේ නිල වෙබ් අඩවියට අනුව, නොමිලේ ළදරු පාසල් වැඩසටහන හරහා දෙමාපියන් වන ඔබට ලැබෙන මූල්‍යමය ප්‍රතිලාභ සහ මුදල් ඉතිරි කරගන්නා ආකාරය පිළිබඳව ඉතා වැදගත් විස්තර රැසක් සිංහලෙන්ම ප්‍රකාශයට පත් කර තිබෙනවා. පහත කරුණු ගැන නිවැරදිව දැනුවත් වීමට ඔබට හැකියි:
- පවුල්වලට ලැබෙන විශාල මුදල් ඉතිරිය කොපමණද?
- ෆ්‍රී කින්ඩර් සඳහා ඔබට ඇති සුදුසුකම් මොනවාද?
- ෆ්‍රී කින්ඩර් සඳහා වන රජයේ අරමුදල් නිවැරදිව ලබා ගන්නේ කෙසේද?
- ඔබ අතින් ගෙවන මුදලට මෙම හිලව් මුදල (Offset) බලපාන්නේ සහ අදාළ වන්නේ කෙසේද?
🔗 මේ පිළිබඳව රජයේ වෙබ් අඩවියේ ඇති සියලුම මූල්‍ය සහන සහ උපදෙස් සිංහලෙන්ම කියවා බැලීමට දැන්ම පහත ලින්ක් එකෙන් පිවිසෙන්න: https://www.vic.gov.au/about-free-kinder-sinhalese
04. ඔබේ දරුවා වෙනුවෙන් ළදරු පාසල් වැඩසටහන් සඳහා අයදුම් කළ හැක්කේ කෙසේද සහ අයදුම් කළ යුත්තේ කිනම් කාල වකවානුවකද යන්න පිළිබඳ නිල තොරතුරු සහ “මගේ දරුවා අවුරුදු හතරේ ළදරු පාසලට (Four-Year-Old Kinder) යා යුතුද?” යනුවෙන් දෙමාපියන්ට ඇතිවන පොදු ගැටලුවට සහ තීරණ ගැනීමට අවශ්‍ය නිවැරදි මඟපෙන්වීම්ද එහි ඇතුළත් වේ.
📑 මේ පිළිබඳ සම්පූර්ණ විස්තරය සිංහලෙන්ම කියවා බලා, නියමිත කාලය තුළ ලියාපදිංචි වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න:https://www.vic.gov.au/sinhalese-financial-assistance-early-start-kindergarten
05. වික්ටෝරියා ප්‍රාන්තය තුළ මුල් ළමාවිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ගුරුවරුන් සහ අධ්‍යාපනවේදීන් (Early Childhood Educators) සඳහා උදාවී ඇති රැකියා අවස්ථා පිළිබඳවඳ නිල තොරතුරු දැන් ප්‍රකාශයට පත් කර ඇත.
- නව ගුරුවරුන් සහ අධ්‍යාපනවේදීන් සඳහා ඇති රැකියා අවස්ථා මොනවාද?
- මේ ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තියක් (Career) ගොඩනඟා ගන්නේ කොහොමද?
- ඔබට විවෘත වී ඇති නවතම වෘත්තීය අවස්ථා මොනවාද?
මේ පිලිබඳව නිවැරදිව දැනගන්න පිවිසෙන්න: https://www.vic.gov.au/career-opportunities-early-childhood-education-sinhalese
06. වික්ටෝරියා රජයේ නිල තොරතුරු වලට අනුව, අරමුදල් සපයන ලද අවුරුදු තුනක ළදරු පාසල් වැඩසටහනකට ඇතුළත් වන සෑම දරුවකුටම කින්ඩර් කිට් (Kinder Kit) එකක් ලබා ගැනීමට සුදුසුකම් ඇත.
- මෙම කට්ටලයට ඇතුළත් වන දේවල් මොනවාද?
- ඔබේ දරුවා වෙනුවෙන් මෙය ලබා ගන්නේ කෙසේද?
- දරුවාගේ මුල් ළමාවිය සංවර්ධනයට මෙය උපකාරී වන්නේ කෙසේද?
🔗 මේ පිළිබඳව රජයේ වෙබ් අඩවියේ ඇති සම්පූර්ණ විස්තරය සිංහල භාෂාවෙන්ම කියවා බලා දැනුවත් වීමට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න: https://www.vic.gov.au/kinder-kits-guide-families-sinhalese
වික්ටෝරියා රජය විසින් ලබා දෙන මෙම සුවිශේෂී “නොමිලේ ළදරු පාසල්” (Free Kinder) වැඩසටහන සහ වටිනා තෑගි කට්ටල (Kinder Kits) යනු අපේ දරුවන්ගේ අනාගත සාර්ථකත්වයට ලැබෙන අගනා අත්වැලකි. එමෙන්ම මෙම ක්ෂේත්‍රයේ ඇති නව රැකියා අවස්ථා හරහා ඔබටත් සාර්ථක වෘත්තීය ගමනක් ඇරඹීමට හැකියාව පවතී.