2027 Student Cap එක වැඩි වුණාද? ඇත්ත දැනගන්න දැන්ම කියවන්න!

  • Home
  • /
  • News
  • /
  • 2027 Student Cap එක වැඩි වුණාද? ඇත්ත දැනගන්න දැන්ම කියවන්න!

ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටින ජාත්‍යන්තර සිසුන්ට සහ දැනට එරට අධ්‍යාපනය ලබන උපාධිධාරීන්ට බලපාන විශේෂ තීරණ කිහිපයක් Albanese රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

ඒ අනුව, 2027 වසර සඳහා වන ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීමේ සීමාව 295,000 ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර ඇති අතර, ශිෂ්‍ය සහ තාවකාලික උපාධිධාරී වීසා ගාස්තු 25% කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. මෙම සීමාවන් 2026 වසරේ පැවති මට්ටමේම පවත්වා ගැනීම හරහා ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපේක්ෂා කරන බවයි රජය පවසන්නේ.

 

වීසා ගාස්තු සංශෝධනය සහ සහන ලබන කණ්ඩායම්

2027 සැලසුම් සහගත සීමාවන් නොවෙනස්ව පැවතුණද, Student Visa සහ Temporary Graduate Visa අයදුම්පත් ගාස්තු 25% කින් ඉහළ යනවා. කෙසේ වෙතත්, ඇතැම් කණ්ඩායම් සඳහා විශේෂ සහන පිරිනැමීමට ද රජය තීරණය කර තිබෙනවා. 

පැසිෆික් කලාපීය රටවල් සහ Timor-Leste සිසුන් සඳහා අඩු කරන ලද වීසා ගාස්තු ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. 

එමෙන්ම ඔවුන්ට 2027 දී වීසා සැකසීමේදී ඉහළ ප්‍රමුඛතාවයක් හිමිවෙනවා. ASEAN කලාපීය රටවල සිසුන්ට, English Language Intensive Courses (ELICOS) සහ Non-award පාඨමාලා සඳහා ලියාපදිංචි වන සිසුන්ට ද සහනදායී වීසා ගාස්තු අදාළ වෙනවා. ඔස්ට්‍රේලියානු රජයේ ශිෂ්‍යත්ව ලාභීන්ට ද visa සැකසීමේදී විශේෂ ප්‍රමුඛතාවක් හිමි වෙනවා. 

 

අධ්‍යාපන ආයතන සඳහා බලපෑම

ලබන වසරේදී දැනට ක්‍රියාකාරීව පවතින සියලුම ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන වෙත ඔවුන්ගේ වත්මන් ජාත්‍යන්තර ශිෂ්‍ය කෝටා ප්‍රතිපාදන එලෙසම ලබා දීමට රජය එකඟ වී තිබෙනවා. විශේෂයෙන්ම, Regional Universities වෙත පෙර ක්‍රියාවලියේදී හඳුන්වා දුන් ඉහළ ශිෂ්‍ය කෝටා ප්‍රතිපාදන එලෙසම පවතිනවා. 

2027 වසරේ සිට, උසස් අධ්‍යාපන ආයතන සඳහා වන ජාත්‍යන්තර ශිෂ්‍ය කෝටා ප්‍රතිපාදන අධීක්ෂණය කිරීමේ වගකීම Australian Tertiary Education Commission එක වෙත පැවරෙන අතර, සමස්ත ජාතික ශිෂ්‍ය සීමාවන් තීරණය කිරීමේ බලය රජය සතු වෙනවා. 

 

නිල දත්තවලට අනුව, 2026 වසරේ ජාත්‍යන්තර ශිෂ්‍ය බඳවා ගැනීම් 2025 වසරට වඩා 8% කින් සහ කොවිඩ් වසංගතයට පෙර, 2019 වසරට වඩා 13% කින් පහත වැටී ඇති අතර, නව නීතිරීති හමුවේ ඉදිරි වසරවලදී ද මෙම අගයන් සීමාවන්ට වඩා අඩුවෙන් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.. 

Don't forget to share this post!

Recent Posts