අයහපත් කාලගුණය ජීවිත 7ක් බිලි ගනියි! ශ්‍රී ලංකාවේ අලුත්ම තත්ත්වය මෙන්න

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක සිදුවූ මරණ සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ පොලිසිය තහවුරු කර තිබෙනවා. 

පොල්පිටිය, මොරහෙනගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් වයස අවුරුදු 47, 83 සහ 58 යන වයස්වල පසුවන කාන්තාවන් තිදෙනෙක් සහ 22 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

වටවල – ඥානන්දගම මාර්ගයේ පාලමකින් ගමන් කරමින් සිටියදී මහවැලි ගඟට වැටීමෙන් 53 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

නාවලපිටිය, සෝලංකන්ද ජනඋදාන ගමේ කඩයක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 67 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නාවලපිටිය, පස්බාගේ කෝරලයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තවත් 67 හැවිරිදි පුද්ගලයෙක් මියගිය බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තහවුරු කළා.

 

අතුරුදහන්වීම් සහ තුවාල ලැබූවන්

ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේදී ගංවතුරේ  ගසාගෙන යාමෙන් පුද්ගලයෙකු අතුරුදහන් වී ඇති අතර, පොලිසිය පවසන්නේ ඔහු එම ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි අයෙකු බවයි. මේ අතර, පවතින අයහපත් කාලගුණය නිසා පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරනවා.

හදිසි අනතුරු වළක්වා ගැනීම සඳහා අවදානම් ප්‍රදේශවල වාසය කරන ජනතාව දැඩි ලෙස විමසිලිමත් වන ලෙස බලධාරීන් උපදෙස් ලබා දී සිටිනවා.

Don't forget to share this post!

Recent Posts