ප්රමුඛ පෙළේ ගුවන් සේවයක් වන Virgin Australia ආයතනය විසින් මෙරට සංචාරකයන් වෙනුවෙන් දැවැන්ත international sale එකක් ආරම්භ කර තිබෙනවා.. ඒ අනුව, ජනප්‍රිය විදෙස් ගමනාන්ත වෙත Return fares $429 ක වැනි අවම මුදලක සිට ආරම්භ වීම විශේෂත්වයක්.
මෙම විශේෂ වට්ටම් වැඩසටහන යටතේ ලබන වසරේ ජුනි මස දක්වා කාලය තුළ සංචාරය කිරීම සඳහා ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමේ අවස්ථාව සංචාරකයන්ට හිමි වෙනවා.
ගුවන් ගමන් සහ හෝටල් ඇතුළත් පැකේජ (Bundled Packages)
ඔස්ට්‍රේලියානුවන් අතර ඉතා ජනප්‍රිය නිවාඩු ගත කරන ස්ථාන රැසක් මෙම වට්ටම් ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා..
ගුවන් ටිකට්පත් පමණක් නොව, සංචාරක වෙබ් අඩවියක් වන Hopper සමඟ එක්ව Flight and Accommodation packages එකතු කළ අනර්ඝ පැකේජ ද ඔවුන් හඳුන්වා දී තිබෙනවා..
Bali, Vanuatu, Fiji සහ Queenstown සඳහා $649 සිට Flight and accommodation packages ආරම්භ වෙනවා.
ටිකට්පත් වෙන්කරවා ගන්නේ කොහොමද?
මෙම විශේෂ වට්ටම් දින කිහිපයකට පමණක් සීමා වෙන නිසා ඉකමන් කල යුතුයි. සඳුදා රාත්‍රී 11:59 සිට, ඉදිරි සිකුරාදා රාත්‍රී 11:59 දක්වා සතියක කාලයක් සඳහා පමණක් මෙම වට්ටම් ක්‍රියාත්මක වන බැවින්, ඉක්මනින්ම ඔබේ ටිකට්පත වෙන්කරවා ගන්න.
Image credit: www.reuters.com