ඔස්ට්‍රේලියාව පුරා ක්‍රියාත්මක වන ප්‍රසිද්ධ 24/7 telehealth සේවාවක් වන Updoc වෙබ් අඩවියේ දත්ත ආරක්ෂාවට සිදුවූ බලපෑමක් හේතුවෙන්, පරිශීලකයන්ගේ පුද්ගලික තොරතුරු වෙත අනවසර ප්‍රවේශයක් ලැබී ඇති බවට මගීන්ට දැනුම් දී තිබෙනවා.
පසුගිය ජූලි 31 වන දින third party system එකකට සිදු වූ කෙටි කාලීන unauthorised access එකක් හරහා හැකර්වරුන්ට නම්, email address හා තැපැල් ලිපිනයන් ලබා ගැනීමට හැකි වී ඇති බව ගනුදෙනුකරුවන්ට දන්වා තිබෙනවා.
සමාගම පවසන්නේ කුමක්ද?
මේ පිළිබඳව අදහස් දක්වමින් Updoc ප්‍රකාශකයෙක් පැවසුවේ සමාගමේ ස්වකීය පද්ධති වෙත කිසිදු අනවසර ප්‍රවේශයක් සිදුවී නොමැති බවයි. එමෙන්ම කිසිදු සෞඛ්‍ය තොරතුරක්, මූල්‍ය තොරතුරක් හෝ ගෙවීම් විස්තරයක් මෙයට හසුවී නැහැ.
“අපි වහාම ක්‍රියාත්මක වී මෙම අනවසර ප්‍රවේශය අවහිර කිරීමට පියවර ගත්තා. මූලික සිදුවීමෙන් පසු තොරතුරු වෙත ප්‍රවේශ වූ බවට කිසිදු සාක්ෂියක් නැහැ” යනුවෙන් සමාගම පවසනවා. තවද, මෙම සිදුවීම නිසා ගනුදෙනුකරුවන්ට ඇති වූ අපහසුතාවයට Updoc ආයතනය සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා..
ගනුදෙනුකරුවන්ට වහාම කළ යුතු විශේෂ දෙයක් නොමැති වුවද, ගිණුම සම්බන්ධයෙන් අසාමාන්‍ය emails හෝ letters ලැබුණහොත් ඒ පිළිබඳව සැමවිටම කල්පනාකාරී වන ලෙස උපදෙස් දී තිබෙනවා. කිසිම විටක email එකක් හරහා password නොඉල්ලන බවද ඔවුන් මතක් කරනවා.
Partnered Health ආයතනයටත් සයිබර් ප්‍රහාරයක්
මෙම සිදුවීමට සති කිහිපයකට පෙර, ඔස්ට්‍රේලියාවේ විශාලතම සායන ජාලයක් වන Partnered Health ආයතනයටද ප්‍රධාන සයිබර් ප්‍රහාරයක් එල්ල වුණා.
ජුනි 23 වන දින සිදුවූ මෙම ප්‍රහාරයෙන් හැකර්වරුන් විසින් එහි සමහර සායනවල පුද්ගලික තොරතුරු සහ සෞඛ්‍ය වාර්තා සොරකම් කර තිබෙනවා. Melbourne, Sydney, Canberra, Gold Coast, Sunshine Coast සහ Coffs Harbour හි පිහිටි සායන 16 ක රෝගීන්ගේ තොරතුරු සොරකම් කර ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇති අතර, බටහිර ඔස්ට්‍රේලියාවේ සායන කිහිපයක් ඇතුළු තවත් සායන 5ක් තවදුරටත් පරීක්ෂාවට ලක් කෙරෙමින් පවතිනවා.
Post 1021 –
සාධාරණ වෙළඳ නීති රීතිවලට අනුකූල වෙන්නේ කොහොමද? ඔබ දැනගත යුතු දේ!
Business එකක් කරගෙන යනකොට රටේ නීතිරීතිවලට ගරු කරමින්, පාරිභෝගිකයන්ට සාධාරණව සේවය කරන එක කොයි තරම් වැදගත්ද? ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරිකයන් සඳහා අදාළ වන සාධාරණ වෙළඳ නීති (Fair trading laws) ගැනයි මේ සටහන.
ඔබේ ව්‍යාපාරය ජාතික, රාජ්‍ය සහ ප්‍රාන්ත මට්ටමින් ක්‍රියාත්මක වන සාධාරණ වෙළඳ නීතිවලට අනිවාර්යයෙන්ම අනුකූල විය යුතුයි. ඒ යටතේ ප්‍රධාන වශයෙන් සැලකිය යුතු නීති කිහිපයක් මෙන්න:
තරඟකාරී සහ පාරිභෝගික පනත 2010 (Competition and Consumer Act – CCA): ව්‍යාපාර අතර සාධාරණ තරඟකාරීත්වයක් ප්‍රවර්ධනය කිරීමට සහ පාරිභෝගිකයන්ට සාධාරණ සැලකීමක් ලබා දීමට මෙය ක්‍රියාත්මක වේ.
ඔස්ට්‍රේලියානු පාරිභෝගික නීතිය (Australian Consumer Law – ACL): පාරිභෝගිකයන් භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමේදී ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරයි.
කර්මාන්ත සංගේත (Industry codes): නිශ්චිත කර්මාන්ත සඳහා සකස් කළ නීති හෝ අවම ප්‍රමිතීන් වේ.
ප්‍රාන්ත සහ ප්‍රදේශ මට්ටමේ නීති: ACL නීතිවලට අමතරව, ඔබ අනුගමනය කළ යුතු අතිරේක ප්‍රාන්ත නීති ද තිබිය හැකිය.