Western Sydney Airport එකෙන් 20%ක Discount එකක්! අගෝස්තු 17ට කලින් දැන්ම book කරන්න

අලුතින් ඉදිකරන ලද Western Sydney International Airport (WSI) එක සහ VietJet ගුවන් සේවය අතර ඇති කරගත් නව හවුල්කාරීත්වයත් සමඟ, වියට්නාමයේ Ho Chi Minh නගරය වෙත යන මගීන්ට ඉතා අඩු මුදලකට Return flights වෙන් කරවා ගැනීමේ විශේෂ අවස්ථාවක් උදා වී තිබෙනවා.

ලබන වසරේ මුල් භාගයේදී බටහිර සිඩ්නි ගුවන්තොටුපළෙන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත ජාත්‍යන්තර ගුවන් සේවා අතරට එක්වන තෙවැනි ගුවන් සේවය වන්නේ VietJet. මීට පෙර Air New Zealand සහ Singapore Airlines මෙයට එකතු වී තිබුණා.

 

20% ක විශේෂ වට්ටමක්!

2027 ජනවාරි මාසයේ සිට Ho Chi Minh නගරය වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත අතර, එයට ප්‍රථමයෙන් අද (අගෝස්තු 10) සිට අගෝස්තු 17 දක්වා කාලය තුළ Early bookings සඳහා 20% ක වට්ටමක් ලබා දෙන බව නිවේදනය කර තිබෙනවා..

මෙම වට්ටම 2026 සැප්තැම්බර් සහ 2027 මාර්තු 31 අතර කාලය තුළ WSI සහ Ho Chi Minh City එක අතර ක්‍රියාත්මක වන සියලුම ගුවන් ගමන් සඳහා වලංගු වෙනවා. කෙසේ වෙතත්, විශේෂ නිවාඩු සහ peak seasons මෙයට ඇතුළත් වන්නේ නැහැ.

 

ප්‍රදේශවාසීන්ට සහ ප්‍රජාවට ලැබෙන මහඟු වාසියක්

VietJet ගුවන් සේවය තමන් සමඟ එක්වීම පිළිබඳව අදහස් දක්වමින් බටහිර සිඩ්නි ගුවන්තොටුපළේ ප්‍රධාන විධායක නිලධාරී Simon Hickey ප්‍රකාශ කළේ, “මෙය අපේ ගුවන්තොටුපළට ලෝකය පිළිගැනීමට ලැබුණු කදිම අවස්ථාවක්” බවයි. “ජනවාරි මාසයේ සිට VietJet හරහා Ho Chi Minh වෙත සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර, වසර අගදී තායිලන්තය වෙතත් සෘජු ගමන් ආරම්භ කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා” යැයි ඔහු පැවසුවා.

Greater Sydney ප්‍රදේශයේ ජීවත් වෙන වියට්නාම ජාතිකයින්ගෙන් අඩක්ම මෙම ගුවන්තොටුපළ ආසන්නයේ පදිංචිව සිටින බැවින්, ඔවුන්ට දැන් ඉතා පහසුවෙන් සිය මව්බිමට යාමට හැකි වෙනවා.

ඉතින් ඔයත් වියට්නාමයට සංචාරය කරන්න හිතාගෙන ඉන්නවා නම් මේක ඉතාම හොඳ අවස්ථාවක්.

Image credit: www.news.com.au 

Don't forget to share this post!

Recent Posts