Net Migration සංඛ්‍යාව පාලනය කිරීමේ අරමුණින්, ඕස්ට්‍රේලියාවේ සංචාරය කරමින් රැකියා කිරීමට ලබාදෙන Working Holiday Visas හෙවත් backpacker visas නිකුත් කිරීමේ කටයුතු මන්දගාමී කිරීමට ඕස්ට්‍රේලියානු federal රජය පියවර ගෙන තිබෙනවා..
මුලින් රටවල් 24 කින් ලැබෙන මෙවැනි වීසා අයදුම්පත් සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බවට වාර්තා වුවද, ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke සඳහන් කළේ එම වීසා අත්හිටුවා නැති බවත්, කෙසේ වෙතත් ඒවා මන්දගාමීව සකස් කරමින් පවතින බවත්ය. කෙසේ වෙතත්, මෙම මන්දගාමී කිරීමට නිශ්චිත හේතුවක් ඔහු මෙතෙක් හෙළි කර නැහැ..
මෙම තත්ත්වයත් සමඟ කෘෂිකර්මාන්තයට සහ කලාපීය ප්‍රදේශවලට සිදුවන බලපෑම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ඇතැම් සේවා යෝජකයින් කම්කරු ආරක්ෂණ නීතිවලින් බේරීම සඳහා පැසිෆික් කලාපීය සේවක යෝජනා ක්‍රමය වෙනුවට backpackersලා තෝරා ගැනීමට උත්සාහ කරන බවයි.
සංක්‍රමණ සංඛ්‍යා සහ දේශපාලන මත ගැටුම්
පසුගිය 2025 ජුනි මාසය වන විට ඕස්ට්‍රේලියාවේ සිටින මෙවැනි වීසා දරන්නන් සංඛ්‍යාව 210,000 ඉක්මවා ඇති අතර, එය කොවිඩ් වසංගතයට පෙර පැවති සංඛ්‍යාව මෙන් දෙගුණයකට ආසන්න නිවාස හිඟයට සහ ජීවන වියදම් ඉහළ යාමට සංක්‍රමණිකයන් වගකිව යුතු බවට එල්ල වන චෝදනා මධ්‍යයේ, ප්‍රධාන දේශපාලන පක්ෂ අතර සංක්‍රමණ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා..
Coalition පක්ෂය, නිවාස සංවර්ධන වේගයට සරිලන පරිදි සංක්‍රමණික සංඛ්‍යාව සීමා කළ යුතු බව පවසන අතර, ජාත්‍යන්තර සිසුන් සහ backpackersලා සංඛ්‍යාව මදක් අඩු කිරීම මගින් ශුද්ධ සංක්‍රමණිකයන් සංඛ්‍යාව 180,000 දක්වා පහළ දැමිය හැකි බව යෝජනා කරනවා.
Nationals සහ One Nation, කලාපීය ප්‍රදේශවල කෘෂිකර්මාන්තයට සහ සංචාරක කර්මාන්තයට backpackersලාගෙන් ලැබෙන දායකත්වය අත්‍යවශ්‍ය බව පවසමින් රජයේ මෙම පියවර දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා. විශේෂයෙන්ම ගොවිතැන් කටයුතු අඩපණ වීමට ඉඩ නොදිය යුතු බව ඔවුහු අවධාරණය කරනවා.
ජාත්‍යන්තර සිසුන් කෙරෙහි අවධානය
සංක්‍රමණ ප්‍රශ්නයට සැබෑ හේතුව backpackersලා නොව, සරණාගත හෝ වෙනත් නුසුදුසු ක්‍රමවලට පැමිණෙන පිරිස් සහ අධික ලෙස ඉහළ ගිය international student visa සංඛ්‍යාව බව මෙම පක්ෂවල නායකයෝ පෙන්වා දෙනවා..
කෙසේ වෙතත්, One Nation leader Pauline Hanson විසින් “Do not travel” ලැයිස්තුවේ ඇති රටවලින් පැමිණෙන සරණාගත සහ මානුෂීය වීසා තාවකාලිකව සම්පූර්ණයෙන්ම අත්හිටුවිය යුතු යැයි කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ඇතැම් පක්ෂ වල දැඩි දෝෂදර්ශනයට ලක් වුණා. ඕස්ට්‍රේලියාව සැමවිටම විවිධ රටවලින් පැමිණ රටට දායක වන ජනතාව පිළිගන්නා රටක් බව ඔවුහු පවසනවා.