Melbourne ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ මිලියන ගණනක ජනතාවට අද දිනයේ පැමිණෙන දැඩි සුළං සහ වැසි සහිත කාලගුණයට සූදානම් වන ලෙස කාලගුණ අංශ විසින් දැඩි ලෙස දැනුම් දෙනවා.
ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය (BoM) මගින් Central, North Central, West and South Gippsland, සහ North East යන දිස්ත්‍රික්ක සඳහා මේ වන විටත් දැඩි කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කරලයි තියෙන්නේ.
සැර සුළං: central ranges ප්‍රදේශවලට උදෑසන කාලයේ පැයට කිලෝමීටර් 60-70 අතර වේගයකින් සුළං හමන්න පුළුවන් බව අනතුරු අඟවා තිබුණා. ඇතැම් අවස්ථාවල සුළං පහරවල වේගය පැයට කිලෝමීටර් 90 දක්වා ඉහළ යා හැකියි.
බලපෑමට ලක්වන ප්‍රදේශ: ඉර පායා ඒමත් එක්කම මේ තද සුළං තත්ත්වය මෙල්බර්න් නගරයට, Mornington සහ Bellarine Peninsulas, Yarra Glen, Mount Baw Baw, සහ Rosebud යන ප්‍රදේශවලට ව්‍යාප්ත වෙන්න පුළුවන්.
කාලගුණය යථා තත්ත්වයට: පස්වරු කාලයේදී සුළං සහ වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
ගංගා කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්!
වැසි සහිත තත්ත්වයත් එක්ක ප්‍රාන්තය පුරා ගංගා කිහිපයකටම ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Murray, Kiewa, Avoca, Loddon, සහ Goulburn යන ගංගා ඒ අතර වෙනවා.
Weatherzone වාර්තා කරන විදිහට,
Central සහ north-west Victoria සඳහා අඟහරුවාදා සහ බදාදා දින දෙක ඇතුළත මිලිමීටර් 15 සිට 30 දක්වා වැසි.
South-west: මිලිමීටර් 5 සිට 15 දක්වා වැසි.
Melbourne නගරය: මිලිමීටර් 10 ට වඩා අඩු වැසි ප්‍රමාණයක්.
ආරක්ෂිතව සිටීමට උපදෙස්:
ගෙවතු පරීක්ෂා කරන්න: නිවස වටපිටාවේ සුළඟට ගසාගෙන යා හැකි බඩු බාහිරාදිය ආරක්ෂිතව තබන්න.
ගස් සහ අතු කඩා වැටීම්: නිවසේ සිටින විට මෙන්ම පාරේ ගමන් කිරීමේදීත් ගස් හෝ විශාල අතු කඩා වැටීමේ අවදානම ගැන ගොඩක් පරිස්සම් වෙන්න.
ඉදිරි පැය කිහිපයේ කාලගුණයේ වෙනස්වීම් සහ නවතම අනතුරු ඇඟවීම් දැනගන්න ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශයේ (BoM) නිල වෙබ් අඩවිය (bom.gov.au) වෙත පිවිසෙන්න.