Sydney, Melbourne ඇතුළු නගරවලට ඉදිරියේදී තද වැසි තත්වයක්!

ඕස්ට්‍රේලියාවේ බලපෑමට ලක්වූ ප්‍රාන්තවල ප්‍රධාන අගනගරවල ඉදිරි දින කිහිපයේදී වැඩි වශයෙන් වළාකුලින් බර කාලගුණයක් පැවතියද, සැලකිය යුතු තද වැසි ඇතිවීමේ ප්‍රවණතාව අඩු බව කාලගුණ අංශ පවසනවා. වැඩි වශයෙන් වැසි ඇදහැලීම සිදුවන්නේ රට ඇතුළත පිහිටි inland regions වලටයි.

ඕස්ට්‍රේලියානු මහද්වීපය හරහා නැගෙනහිර සිට බටහිර දක්වා කිලෝමීටර් දහස් ගණනක් පුරා විහිදී ගිය විශාල Huge Cloudband එක්ක චන්ද්‍රිකා ඡායාරූපවල සටහන් වී තිබෙනවා. බටහිර ඕස්ට්‍රේලියාවට ඔබ්බෙන් වූ ඉන්දියන් සාගරයේ සිට ටැස්මන් මුහුද දක්වා විහිදෙන මෙම වළාකුළු පද්ධතිය නිසා සතිය පුරාම රට ඇතුළත ප්‍රදේශවලට නොනවත්වා වැසි ඇදහැළුණා. 

Weatherzone වාර්තා කරන පරිදි ප්‍රදේශ කිහිපයකින් සැලකිය යුතු තද වැසි වාර්තා වී තිබෙනවා:

උතුරු ටැස්මේනියාව: Lake Mackenzie ප්‍රදේශයට මිලිමීටර් 118 ක තද වැසි.

Victoria: Daylesford ප්‍රදේශයට මිලිමීටර් 43 ක වැසි.

දකුණු ඕස්ට්‍රේලියාව සහ NSW: බ්‍රහස්පතින්දා දිනයේදී මිලිමීටර් 10 ක පමණ වැසි.

 

Alpine ප්‍රදේශවලට එල්ල වූ බලපෑම!

අගෝස්තු මැද භාගයේදී Ski Resorts වලට වැසි ලැබීම කිසිසේත්ම සුබදායක තත්ත්වයක් නෙවෙයි. මෙම වැසි නිසා කඳුකරයේ තැන්පත් වී තිබූ හිම තට්ටු දියවී යාමේ තර්ජනයට ලක්ව තිබෙනවා.

 

ප්‍රධාන හිම කඳු ප්‍රදේශවලට ලැබුණු වැසි:

Mount Hotham (Victoria): මිලිමීටර් 40.8

Falls Creek (Victoria): මිලිමීටර් 38.6

Thredbo Top Station (NSW): මිලිමීටර් 25.6

 

වැසි තත්ත්වය, රාත්‍රී කාලයේදී උසින් වැඩි ප්‍රදේශවල හිම පතනයන් බවට පත්විය හැකි වුවත්, විශාල හිම තට්ටුවක් නැවත තැන්පත් වනු ඇතැයි අපේක්ෂා කරන්නේ නැහැ.

 

ඉදිරි දින කිහිපයේ කාලගුණ අනාවැකිය

Sydney නගරයට: ඉදිරි සතියේදී තරමක් වැසි සහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකියි. විශේෂයෙන්ම එළඹෙන අඟහරුවාදා දිනයේදී මිලිමීටර් 10 ක් දක්වා වැසි ඇදහැලෙනු ඇතැයි කාලගුණ විද්‍යා කාර්යාංශය (BoM) පුරෝකථනය කරනවා.

සති අන්තයේ කාලගුණය: Weatherzone වාර්තා කරන විදිහට රට ඇතුළත ප්‍රදේශවලට වැටුණු තද වැසි තත්ත්වය අද සිට අඩුවෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ වෙරළබඩ තීරයට හැර අන් ප්‍රදේශවලට සති අන්තයේ ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පැවතිය හැකියි.

 

නැවතත් වැසි සහිත අඳුරු සතියක් ඉදිරියට!

සති අන්තයේ වැසි අඩු වුණත්, එම තත්ත්වය දිගටම පවතින්නේ නැහැ.. ගිනිකොනදිග ප්‍රදේශ හරහා තවත් අඩු පීඩන කලාපයක් ගමන් කිරීමට නියමිත නිසා, ඉදිරි සතියේදී නැවතත් වැසි සහිත අඳුරු කාලගුණයක් බලාපොරොත්තු විය හැකියි.

කාලගුණයේ ඇතිවන මෙම ක්ෂණික වෙනස්වීම් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටින ලෙසත්, අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙසත් බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා

Don't forget to share this post!

Recent Posts