ඕස්ට්‍රේලියාවේ Spring එක උණුසුම් වෙයිද? BoM එකෙන් හදිසි අනතුරු ඇඟවීමක්!

අසාමාන්‍ය ලෙස උණුසුම් වුන Winter එකකට පසුව, ඕස්ට්‍රේලියාව මෙවර Spring එකට පා තබන්නේ තවදුරටත් බලපෑම වැඩිවන El Niño කාලගුණ තත්ත්වය යටතේ.

Bureau of Meteorology (BoM) ආයතනය නිකුත් කළ දීර්ඝ කාලීන කාලගුණ අනාවැකියට අනුව, ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල දහවල් සහ රාත්‍රී කාලයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

 

දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ (අඩු වැසි)

Victoria, southern NSW, ACT, north and east Tasmania, eastern Queensland වල ඇතැම් ප්‍රදේශ, southern South Australia සහ ඈත north Northern Territory වල pockets වලට සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු වැසි ලැබෙනු ඇති බව පුරෝකථනය කර තිබෙනවා.

 

බටහිර ප්‍රදේශ (වැඩි වැසි)

Western Australia හි බොහොමයක් ප්‍රදේශවලට සහ වයඹදිග South Australia වෙත සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වැසි බලාපොරොත්තු විය හැකියි.

ගිගුරුම් සහිත වැසි (Thunderstorms) විශේෂයෙන්ම නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවලට සවස් කාලයේ දැඩි ගිගුරුම් සහිත වැසි සහ කුණාටු ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතිනවා.

 

El Niño බලපෑම සහ ලැව්ගිනි අවදානම

ලෝක වාර්තා අතරට එක්විය හැකි තරම් ප්‍රබල El Niño තත්ත්වයක් මේ වන විට වර්ධනය වෙමින් පවතින අතර, එය spring සහ summer ඍතු පුරාම පැවතිය හැකියි.

 

ලැව්ගිනි (Bushfire) අවදානම

වියළි සහ අධික උණුසුම් කාලගුණය නිසා Victoria, NSW සහ WA හි ඇතැම් ප්‍රදේශවල ලැව්ගිනි අවදානම ඉහළ ගොස් තිබෙනවා.

 

Snow Season එකට නරක ආරංචියක්

මෙවර winter එකේදී Australian Alps ප්‍රදේශයට ප්‍රමාණවත් තරම් ජල වාෂ්ප ලැබුණද, වායුගෝලයේ උෂ්ණත්වය අධික වීම නිසා හිම පතනය පැවතුණේ ඉතාම අවම මට්ටමකයි.

ඉදිරි spring මාසවලදීද සාමාන්‍ය මට්ටමට වඩා වැඩි උෂ්ණත්වයක් සහ අඩු වැසි ලැබෙන නිසා, මෙවර Snow season එක ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ දරුණුතම හිම හිඟයක් පැවති ඍතුවක් බවට පත්වනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ පවසනවා.

මෙවර ස්ප්‍රින්ග් එකේදී හදිසි ලැව්ගිනි සහ අධික උණුසුම් කාලගුණික තත්ත්වයන් නිතර ඇතිවිය හැකි බැවින්, එළිමහන් කටයුතුවලදී සහ ගමන් බිමන් යාමේදී කාලගුණ වාර්තා පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන්න.

Don't forget to share this post!

Recent Posts