නේපාල-ටිබෙට් මායිම් ප්‍රදේශයට බලපෑ මාරාන්තික ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අතුරුදහන් වූ ඕස්ට්‍රේලියානුවන් විශාල සංඛ්‍යාව අතර ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු යුවළක් සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනාද වන බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස අතුරුදහන් වී ඇත්තේ වයඹදිග සිඩ්නි හි පදිංචිව සිටි චන්ද්‍රසේකරන් මුරලිදරන් (47), ඔහුගේ බිරිඳ ෂයිලජා මුරලිදරන් (42) සහ ඔවුන්ගේ පුතුන් වන අශ්වින් (14) සහ ආරුෂ් (11) යන අයයි. චන්ද්‍රසේකරන් මහතා යාපනයේ කෝපායි ප්‍රදේශයේ අයෙකු වන අතර, ඔවුන්ගේ පුතුන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ අයයි.
අනතුර සිදුවූ ආකාරය සහ වත්මන් තත්ත්වය
මෙම පවුල ‘Himalayan Glacier Adventures’ ආයතනය හරහා කයිලාශ කූට (Mount Kailash) වන්දනා ගමන සඳහා සහභාගී වී සිටියදී අගෝස්තු 26 වන දින මෙම ඛේදවාචකයට මුහුණ දී තිබෙනවා.
අනතුර සිදුවූ දින උදෑසන ඔවුන් තම ඥාතීන් ඇමතුමකින් සම්බන්ධ කරගෙන ඇති අතර, නේපාල-චීන මායිමේ Rasuwagadhi අසලින් ගමන ආරම්භ කිරීමට පෙර ආහාර ගැනීමට සූදානම් වන බව පවසා තිබෙනවා.
එම ඇමතුමෙන් පසු ප්‍රදේශයට කඩා වැටුණු මහා ගංවතුර සහ නායයෑම් නිසා මාර්ග, විදුලිය සහ දුරකථන සන්නිවේදන ජාල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, එතැන් සිට ඔවුන් සමඟ පැවැති සබඳතා බිඳී ගොස් තිබෙනවා..
ඕස්ට්‍රේලියානු රජයේ සහ මුදාගැනීමේ කණ්ඩායම්වල මැදිහත්වීම
මුරලිදරන් පවුල ගමන් කළ සංචාරක කණ්ඩායමට ඕස්ට්‍රේලියානුවන් 15 දෙනෙකු ඇතුළත් වී සිට තිබෙනවා.
පවතින තත්ත්වය හමුවේ ඕස්ට්‍රේලියානුවන් 43 දෙනෙකු පිළිබඳ තොරතුරු තවමත් තහවුරු වී නොමැති බව ඕස්ට්‍රේලියානු බලධාරීන් ප්‍රකාශ කරනවා.
අතුරුදහන් වූවන් සෙවීමේ සහ තොරතුරු රැස් කිරීමේ කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු හදිසි සහන සේවා නිලධාරීන් නේපාලය වෙත පිටත් කර තිබෙනවා.
ෂයිලජා මහත්මියගේ සොහොයුරිය ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත පවසා ඇත්තේ, තම පවුලේ පිරිස ආරක්ෂිත ස්ථානයකට ළඟා වී ඇතැයි තවමත් දැඩි ලෙස විශ්වාස කරන අතර, සංචාරක සංවිධායකයින් සහ බලධාරීන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන බවයි.
හිමාලයානු කලාපයේ මෑත කාලයේ සිදුවූ මාරාන්තිකම ස්වාභාවික ව්‍යසනයක් ලෙස මෙය සැලකෙන අතර, සිඩ්නි හි සහ ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ නෑදෑ හිතමිතුරන් සහ ලාංකේය ප්‍රජාව ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මහත් නොඉවසිල්ලෙන් පසුවෙනවා.
Image credit: www.dailymirror.lk