තමන්ගේ ව්‍යාපාරික නිෂ්පාදන හෝ සේවාවන් විදේශ රටවලට අපනයනය කිරීම (Exporting) මඟින් ව්‍යාපාරයක් වේගයෙන් වර්ධනය කර ගැනීමටත්, ආදායම හා ලාභය සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීමටත් විශාල ඉඩක් ලැබෙනවා.
ඉතින් ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාට export business එකක් පටන් ගන්න හෝ දැනට තියේ business එක export level එකට ගෙන්න අවශ්‍ය හැමදේම අපි අද ඉදන් සන්නස Digital හරහා කතා කරනවා.
අපනයන ක්ෂේත්‍රයේ යම් යම් අභියෝග පැවතුණත්, නිවැරදි සැලසුමකට අනුව අවදානම් පාලනය කරගනිමින් කටයුතු කරන ව්‍යාපාර, දේශීය වෙළඳපොළට පමණක් සීමා වූ ව්‍යාපාරවලට වඩා ඉතා ඉහළ සාර්ථකත්වයක් අත්කර ගන්නවා..
අපනයනය කිරීමෙන් ඔබේ ව්‍යාපාරයට ලැබෙන ප්‍රධාන වාසි
- වේගවත් ව්‍යාපාරික වර්ධනය (Growth): විදේශීය නව වෙළඳපොළවල් වෙත පිවිසීමෙන් වැඩි පාරිභෝගික පිරිසක් දිනා ගැනීමටත්, අලෙවිය සහ ලාභය ස්ථාවරව ඉහළ නංවා ගැනීමටත් හැකි වෙනවා.. අපනයනකරුවන් සාමාන්‍ය ව්‍යාපාරවලට වඩා වැඩි ලාබයක් ලබාගන්නවා.
- අවදානම අවම වීම (Diversification): රටවල් කිහිපයකට භාණ්ඩ අලෙවි කිරීම මඟින් එකම වෙළඳපොළක් මත පමණක් යැපීම නතර වෙනවා.. ඕස්ට්‍රේලියාව වෙනත් රටවල් සමඟ ඇති කරගෙන තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම් (Free Trade Agreements – FTAs) මඟින් වෙළඳ බාධක අවම කරමින් අපනයනය පහසු කරනවා.
- නව්‍යකරණය සහ නව දැනුම (Innovation): ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීමෙන් අලුත් ව්‍යාපාරික ක්‍රමවේද, management සහ marketing techniques ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනවා..
- පිරිවැය අඩුවීම සහ කාර්යක්ෂමතාව (Efficiency): විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම (Mass Production) මඟින් ඒකකයකට යන පිරිවැය අඩුකරගෙන දිගුකාලීන ඉතිරියක් ලබාගත හැකියි.. එසේම අපනයන ව්‍යාපාර දියුණු කිරීමට රජයේ Grants සහ සහන පාඨමාලාද හිමි වෙනවා.
- ආර්ථික බලපෑම් හමුවේ නොවැටී සිටීමේ හැකියාව (Resilience): ජාත්‍යන්තර ආර්ථික අර්බුද, කාලගුණික විපර්යාස හෝ ප්‍රවාහන බාධා හමුවේ වුවද අපනයනකරුවන් ශක්තිමත්ව නැගී සිටිනවා.. කොවිඩ් වසංගත සමයේදී පවා සාමාන්‍ය ව්‍යාපාරවලට වඩා අපනයන ව්‍යාපාර 9% කින් වඩාත් සාර්ථකව පැවැත්ම තහවුරු කරගෙන තිබුණා.
- ඉහළ සේවක වැටුප් සහ ඵලදායිතාව: අපනයන ව්‍යාපාරවල ඵලදායිතාව ඉහළ අගයක් ගන්නා අතර, ඔවුන් තමන්ගේ සේවකයන්ට දේශීය ව්‍යාපාරවලට වඩා වැඩි වැටුපක් ගෙවීමටද සමත් වෙනවා..
ඔබේ ව්‍යාපාරය ඕස්ට්‍රේලියාව තුළ සාර්ථකව පවත්වාගෙන යන්නේ නම්, මීළඟ පියවර ලෙස අපනයන ක්ෂේත්‍රයට පිවිසීමට මෙය හොඳම කාලයයි. Austrade හරහා ලබාදෙන රජයේ සහන සහ Free Trade Agreements (FTAs) පිළිබඳව සොයා බලා ඔබේ ව්‍යාපාරය ජාත්‍යන්තරයට ගෙන යාමට සැලසුම් කරන්න.
ඉතින් ඔයත් ඔයාගේ product එකක් service එකක් ඕස්ට්‍රේලියාවෙන් පිට වෙනත් රටකට අලෙවි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා අවශ්‍ය දේවල් සන්නස Digital හරහා කතා කරන්න සූදානම්.