Export Business එකක් පටන් ගමුද? ඕස්ට්‍රේලියාවේ සිට Export කරන්න තහනම් දේවල් 7ක්!

අපි කලින් articles 2කින් කතා කළා ඕස්ට්‍රේලියාවේ සිට export business එකක් කිරීමට අවශ්‍ය දේවල්. අද අපි බලමු ඕස්ට්‍රේලියාවේ සිට export කරන්න තහනම් දේවල් මොනවද කියලා.

ඕස්ට්‍රේලියාවෙන් පිටරටවලට භාණ්ඩ හෝ සේවාවන් අපනයනය (Export) කිරීමේදී, එරට රජය විසින් පනවා ඇති නීති රීති සහ පාලනයන්ට යටත්ව කටයුතු කිරීම අනිවාර්යයි.. ඇතැම් භාණ්ඩ අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, තවත් සමහර භාණ්ඩ සඳහා විශේෂ Permits හෝ Licences ලබාගැනීම අනිවාර්යයි.

ඔබේ Supply Chain එක තුළ සිදුවිය හැකි නීති විරෝධී හෝ අපරාධමය ක්‍රියාවන් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටීමද අපනයනකරුවෙකුගේ වගකීමක්.

  1. Prohibited & Controlled Goods

ඕස්ට්‍රේලියානු රජය මඟින් තහනම් කර ඇති හෝ සීමා පනවා ඇති භාණ්ඩ අපනයනය කළ හැක්කේ යම් කොන්දේසිවලට යටත්ව, පූර්ව ලිඛිත අනුමැතියක් ලබාගැනීමෙන් පසුව පමණයි.

අවශ්‍ය වන අනුමැතීන්:

  • විශේෂ අපනයන අවසර පත්‍රයක් (Permit)
  • අපනයන බලපත්‍රයක් (Licences)
  • පාලනයන්ගෙන් නිදහස් වීමේ සහතිකයක් (Exemption)

 

  1. Defence Export Controls

Australian Defence Force (ADF) විසින් Military and Dual-use goods & technology සහිත භාණ්ඩ සහ තාක්ෂණය අපනයනය කිරීම දැඩි ලෙස පාලනය කරනවා.

ක්‍රියාත්මක විය යුතු ආකාරය:

ඔබේ නිෂ්පාදනය පාලනයට යටත්දැයි බැලීමට ආරක්ෂක දෙපාර්තමේන්තුවේ Defence and Strategic Goods List එක පරික්ෂා කරන්න.

අදාළ රටට හෝ පුද්ගලයන්ට ඕස්ට්‍රේලියානු සම්බාධක (Sanctions) පනවා ඇත්දැයි Australian Sanctions Office වෙබ් අඩවියෙන් බලන්න.

සියලුම ස්වයං-තක්සේරු කිරීම් සහ අවසර පත්‍ර සඳහා My Australian Defence Exports Portal එක භාවිතා කරන්න.

 

  1. Prescribed Goods

Export Control Act 2020 නීතිය යටතේ Department of Agriculture, Fisheries and Forestry (DAFF) මඟින් පාලනය වන ප්‍රධාන ආහාර සහ කෘෂි නිෂ්පාදන:

  • dairy products
  • egg and egg products
  • fish and fish products
  • live animals
  • meat and meat products
  • organic and biodynamic produce
  • plants and plant products

 

  1. Organic Goods

ඕස්ට්‍රේලියාවෙන් අපනයනය කරන භාණ්ඩ Organic, Bio-dynamic, Biological, හෝ Ecological ලෙස නම් කර ඇත්නම්, එම භාණ්ඩ අපනයනය කිරීමට පෙර නිල වශයෙන් සහතික කිරීම (Certification) අනිවාර්යයි.

 

  1. Therapeutic Goods

ආරක්ෂාව සහ ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා Therapeutic Goods Administration (TGA) මඟින් පහත දේවල් පාලනය කරනවා;

  • medicines
  • medical devices
  • human substances

 

  1. Sanctions & Counter Terrorism

ත්‍රස්තවාදයට එරෙහි නීති: තහනම් කරන ලද ත්‍රස්තවාදී සංවිධාන හෝ පුද්ගලයන් සමඟ ව්‍යාපාර කිරීම, අරමුදල් හෝ දේපළ සැපයීම දැඩි දඬුවම් ලැබිය හැකි අපරාධයක්.. මෙවැනි යමකට සම්බන්ධ වුවහොත් වහාම Australian Federal Police (AFP) වෙත දැනුම් දිය යුතුයි.

ජාත්‍යන්තර සම්බාධක (Sanctions): සම්බාධක පනවා ඇති රටවල් හෝ පුද්ගලයන් සමඟ ගනුදෙනු කිරීම නීති විරෝධීයි. නීති කඩකරන්නන්ට වසර 10 ක් දක්වා සිරදඬුවම් සහ විශාල දඩ මුදල් පනවනවා.

 

  1. Hazardous Waste

පරිසර දෙපාර්තමේන්තුවේ විශේෂ අවසර පත්‍රයක් (Permit) නොමැතිව ඕස්ට්‍රේලියාවෙන් අන්තරායකර අපද්‍රව්‍ය පිටරටකට අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම්.

 

ඔබ ඕස්ට්‍රේලියාවේ සිට export business එකක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, සියලුම ලිපිලේඛන සකස් කිරීමට පෙර ඔබේ නිෂ්පාදනය අයත් වන අංශයේ රජයේ දෙපාර්තමේන්තුවෙන් අවසර පත්‍ර (Permits) පිළිබඳව තහවුරු කරගන්න!

 

ඕස්ට්‍රේලියාවේ ඉඳන් Export Business එකක් පටන් ගමුද? A – Z හැමදේම – Part – I

ඕස්ට්‍රේලියාවේ ඉඳන් Export Business එකක් පටන් ගමුද? A – Z හැමදේම

ඕස්ට්‍රේලියාවේ ඉඳන් Export Business එකක් පටන් ගමුද? A – Z හැමදේම – Part – II

ඕස්ට්‍රේලියාවේ Exportersලා දැනගත යුතුම නීති 7 ක්! Export Business – Part 2

 

Don't forget to share this post!

Recent Posts