South Brisbane හි වඩාත්ම ජනප්‍රිය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අලුත්ම Precinct එකකට යාබදව, නව නිවාස 161 ක් ඇතුළත් මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා Development Approval ලබා දී තිබෙනවා. TRK Property Group විසින් තමයි 176-186 Montague Road හි පිහිටි වර්ග මීටර් 1,917 ක භූමි භාගයක මෙම තට්ටු 20 කින් යුත් මහල් නිවාස සංකීර්ණය ඉදිකරනු ලබන්නේ.
ව්‍යාපෘතියේ ප්‍රධාන තොරතුරු සහ පහසුකම්
Kurilpa precinct එක ඉහළ ජනගහන ඝනත්වයකින් යුත් නේවාසික කලාපයක් බවට පත් කිරීමේ සැලැස්ම යටතේ, නිදන කාමර 1 සිට 4 දක්වා වූ විවිධ ප්‍රමාණයේ නිවාස මාදිලි මෙහි ඇතුළත් වෙනවා.
පාරෙන් අනෙක් පස පිහිටි පැරණි Visy glass factory site එක නැවත සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සමඟින්, මෙම නේවාසිකයන්ට එම පරිශ්‍රයේ ඇති පොදු පහසුකම්ද පහසුවෙන් ලබා ගැනීමට හැකි වෙනවා.
නිවැසියන් වෙනුවෙන්ම වෙන්වූ wellness සහ gathering areas ඇතුළුව වර්ග මීටර් 1,815 ක පොදු එළිමහන් ඉඩකඩක් මෙහි සැලසුම් කර තිබෙනවා.
COX Architecture විසින් බ්‍රිස්බේන් ගංගාවට සහ CBD එකට මනරම් ලෙස දර්ශනය වන පරිදි ස්වාභාවික පරිසරයට ගැලපෙන ලෙස මෙය සැලසුම් කර තිබෙනවා.
මෙහි නිවාසවල නම් සහ මිල ගණන් තවමත් තීරණය කර නොමැති වුණත්, First-home buyersලා, ආයෝජකයන් සහ පරම්පරා ගණනාවක් තිස්සේ South Brisbane සහ West End හි ජීවත් වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පවා ගැලපෙන පරිදි නිවාස පැකේජ සකස් කරන බව TRK Property Group හි සංවර්ධන අධ්‍යක්ෂ Matt Kan පවසනවා.
2032 Olympic සහ Paralympic උළෙලට පෙර නිම කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති මාලාව යටතේ ඉදිරි වසර කිහිපය තුළදී මෙම මහල් නිවාස සංකීර්ණයේ වැඩකටයුතු සම්පූර්ණයෙන්ම නිම කිරීමට නියමිතයි.
Image credit: www.news.com.au