ඉදිරියට පැමිණෙන නත්තල් සහ උත්සව සමයේ ලැබෙන අධික ඇණවුම් ප්‍රමාණයට මුහුණ දීම සඳහා ඕස්ට්‍රේලියාව පුරා Seasonal workersලා 3,000 ක් බඳවා ගැනීමට Amazon Australia ආයතනය කටයුතු යොදා තිබෙනවා.
පැයකට අවම වශයෙන් ඩොලර් 35 ක පමණ ආරම්භක වැටුපක් හිමිවන මෙම රැකියා සඳහා විශ්වවිද්‍යාල සිසුන්, විශ්‍රාමිකයන් මෙන්ම රැකියා විරහිත ඕනෑම කෙනෙකුට අයදුම් කිරීමේ හැකියාව පවතිනවා.
Sydney, Melbourne, Perth, Brisbane, Newcastle, Gold Coast, Gosford සහ Geelong යන නගරවල පිහිටි Amazon හි Fulfilment Centres සහ Delivery Stations සඳහා මෙලෙස සේවකයන් බඳවා ගනු ලබනවා.
New South Wales: ඇබෑර්තු 1,900 ක්
Victoria: ඇබෑර්තු 600 ක්
Queensland: ඇබෑර්තු 300 ක්
Western Australia: ඇබෑර්තු 200 කට ආසන්න ප්‍රමාණයක්
වැටුප් සහ සේවයේ ස්වභාවය
ආරම්භක වැටුප ලෙස පැයකට $35 කට ආසන්න වැටුපක් හිමිවන අතර, සවස් කාලයේ, අලුයම හෝ සති අන්තවල සේවය කරන අයට අමතර දීමනා හිමිවෙනවා.
පූර්ව පළපුරුද්දක් අවශ්‍ය නැහැ
පාරිභෝගික ඇණවුම් Pick කිරීම,Pack කිරීම සහ Ship කිරීම ප්‍රධාන වශයෙන් සිදුකළ යුතු අතර, ඒ සඳහා අවශ්‍ය පුහුණුව ආයතනය විසින්ම ලබා දෙනවා.
පසුගිය වසරවලදී මෙලෙස තාවකාලිකව පැමිණි බොහෝ පිරිසකට පසුව Amazon හි ස්ථිර රැකියා ලබා ගැනීමට හැකිවූ බව Amazon හි මානව සම්පත් ප්‍රධානී Michelle Theophilou පවසනවා.
මීට අමතරව තමන්ගේම වාහනයක් භාවිත කර භාණ්ඩ බෙදාහැරීම් සිදුකිරීමට කැමති අය සඳහා ‘Amazon Flex’ හරහාද අවස්ථා විවෘතව පවතිනවා.
Prime Big Deal Days, Black Friday සහ Christmas කාලයන්හිදී සිදුවන විශාල ඇණවුම් සංඛ්‍යාව නිසා මෙම රැකියා සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. අමතර ආදායමක් සෙවීමට බලන අයට මෙය හොඳම අවස්ථාවක්.
Image credit: retailworldmagazine.com.au