බාධක මැදින් කාසියට මූණ දාපු Trump

ඇමෙරිකා එක්සත් ජනපදයේ 250 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් Donald Trump ජනාධිපතිවරයාගේ රූපය ඇතුළත් නව USD 1 කාසියක් නිකුත් කිරීමට US Mint ආයතනය කටයුතු කර තිබෙනවා.

මෙම නව කාසියේ ට්‍රම්ප්ගේ රූපය සමඟින් “LIBERTY” සහ “IN GOD WE TRUST” යන පාඨයන් සටහන් කර තිබෙනවා. සාමාන්‍ය භාවිතය සඳහා මෙම කාසි නිකුත් නොකළද, නීත්‍යානුකූල ගෙවීම් (Legal tender) සඳහා භාවිත කිරීමේ හැකියාව පවතින බවයි US Mint ආයතනය පවසන්නේ.

 

වසර 100කට පසු සිදුවූ විශේෂත්වය සහ නීතිමය පදනම

ජීවත්ව සිටින ජනාධිපතිවරයෙකුගේ රූපයක් ඇමෙරිකානු මුදල් නෝට්ටුවක හෝ කාසියක ඇතුළත් කිරීම ෆෙඩරල් නීතිය මඟින් සාමාන්‍යයෙන් තහනම් කර තිබෙනවා.

නමුත් සංවත්සර සැමරුම් සඳහා වන නීතිමය ප්‍රතිපාදනයක ඇති වගන්තියක් භාවිත කරමින් මෙම තහනම මඟහරවා ගැනීමට කටයුතු කර තිබෙනවා.

ජීවත්ව සිටි ජනාධිපතිවරයෙකු ඇමෙරිකානු කාසියක සිටි අවසන් අවස්ථාව වන්නේ 1926 දී ඇමෙරිකාවේ 150 වන සංවත්සරය වෙනුවෙන් එවකට සිටි Calvin Coolidge ජනාධිපතිවරයාගේ රූපය ඇතුළත් Half-dollar කාසිය නිකුත් කිරීමයි.

 

වෙළඳපොළේ අධික ඉල්ලුම

කාසි 25 ක roll එකක් USD 61 කට සහ කාසි 100 ක පැකට්ටුවක් USD 154.50 කට අලෙවි කළ අතර, නිකුත් කර පැය කිහිපයක් ඇතුළත වෙබ් අඩවියේ තොග අවසන් වූ බවයි වාර්තා වෙන්නේ.

 

කාසියේ අඩංගු ද්‍රව්‍ය සහ ඉදිරි සැලසුම්

මෙම කාසිය රන් පැහැති (Golden colour) වුවද එහි සැබෑ රත්රන් අඩංගු වන්නේ නැහැ. මෙය 88.5% ක් තඹ (Copper) සහ ඉතිරිය සින්ක්, මැංගනීස් සහ නිකල්වලින් සමන්විත වෙනවා.

මීට අමතරව ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ රූපය සහිත නව ඩොලර් 250 මුදල් නෝට්ටුවක් නිකුත් කිරීමටද භාණ්ඩාගාරය සැලසුම් කරමින් සිටිනවා.

ඇමෙරිකානු කඩදාසි මුදල් නෝට්ටුවල ට්‍රම්ප්ගේ අත්සන සටහන් කිරීමටද කටයුතු යොදා ඇති අතර, එයද ජනාධිපතිවරයෙකු ධුරයේ සිටියදී සිදුවන පළමු අවස්ථාව ලෙස සටහන් වෙනවා.

මෙම නව USD 1 කාසිය ප්‍රධාන වශයෙන්ම මුදල් සහ කාසි එකතු කරන්නන් (Collectors) උදෙසා විශේෂයෙන්ම නිකුත් කරන ලද්දක්. මෙය modern collections සඳහා එකතු කරගත හැකි ඉතා වටිනා අයිතමයක් වන බවයි US Mint එක පවසන්නේ.

 

Image credit: www.facebook.com/lex18 

Don't forget to share this post!

Recent Posts