අලුත් කුලී නිවසකට/Rental Property එකකට මාරු වෙන එක හරිම උද්වේගකර අත්දැකීමක් වුණත්, Lease එකට අත්සන් කරන දවස් කිහිපයේදී බොහෝ දෙනෙක් තමන්ට හිමිවන අයිතිවාසිකම් සහ ආරක්ෂාවන් නොදැනුවත්වම අහිමි කරගන්නවා.
කුලී මුදල් ඇපකරය හෙවත් Bond එක, ලබාදිය යුතු අත්පිට මුදල් හෙවත් Rent in advance සහ Condition report එක සම්පූර්ණ කිරීමට ලැබෙන කාලය State එක හෝ territory එක අනුව වෙනස් වෙනවා.
ඉතින් අද අපි කියන්නේ ඔයා ඕස්ට්‍රේලියාවේ කොහේ සිටියත් අලුත් කුලී නිවසකට යනකොට නීත්‍යානුකූලව අනුගමනය කළ යුතු ප්‍රධාන පියවර 5 ක් ගැනයි.
ඕස්ට්‍රේලියාවේ Rental එකකට මාරු වීමේ ප්‍රධාන පියවර 5
- Tenancy agreement එකට අත්සන් කිරීම: අත්සන් කිරීමට පෙර ගිවිසුම සම්පූර්ණයෙන්ම කියවන්න. ඔබේ අයිතිවාසිකම් පැහැදිලි කරන නිල තොරතුරු ප්‍රකාශයක් හෙවත් Information statement එකක් හිමිකරු හෝ ඒජන්සිය විසින් ලබාදිය යුතුයි. නිවස Strata scheme එකකට අයත් නම්, එහි By-laws පිටපතක් ලබාගැනීමටද ඔබට අයිතිය තිබෙනවා.
- Bond එක සහ ඉදිරි කුලී මුදල් ගෙවීම: Bond එක තබාගන්නේ ගෙහිමියා නොව Government authority එකක් මගිනුයි. නිවසට හානියක් නැත්නම් Lease එක ඉවර වූ පසු මෙම මුදල නැවත ඔබට ලැබෙනවා. අය කළ හැකි උපරිම Bond සහ Advance ප්‍රමාණයන් State එක හෝ territory එක අනුව වෙනස් වන බව මතක තබාගන්න.
- Condition report එක සම්පූර්ණ කිරීම: මෙය ඔබේ අතට ලැබෙන වැදගත්ම ලියවිල්ලයි. නිවස භාරගන්නා පළමු දිනයේ එහි පවතින තත්ත්වය (ලකුණු, පැල්ලම්, පිපිරීම් ආදිය) මෙහි සටහන් වෙනවා. හිමිකරුගේ සටහන් පරීක්ෂා කර, ඔබට එකඟ විය නොහැකි තැන් සටහන් කර, දිනය සහිත ඡායාරූප (Dated photos) ලබාගන්න. පසුකාලීනව Bond එක ගැන ගැටලුවක් ආවොත් ප්‍රධානම සාක්ෂිය වන්නේ මෙයයි.
- Utilities (විදුලිය, ගෑස්, ජලය) සම්බන්ධ කරගැනීම: නිවසට මාරු වීමට පෙර විදුලිය, ගෑස් සහ ජලය ඔබේ නමට සම්බන්ධ කරගන්න. ඉන්ටර්නෙට් සහ දුරකථන සබඳතා සඳහා නිවසේ හිමිකරුගේ අවසරය අවශ්‍ය විය හැකියි. පදංචියට යන දවසේදී මේවා නැතිව අපහසුතාවයට පත්වීම වළක්වා ගැනීමට කලින්ම කටයුතු කරන්න.
- යතුරු ලබාගැනීම සහ පදිංචියට යාම: පළමු යතුරු කට්ටලය (Keys or access devices) සඳහා ගාස්තු අය කිරීමට හිමිකරුට නීතියෙන් ඉඩක් නැහැ. ඔබේ බඩු බාහිරාදිය නිවසට ගෙන ඒමට පෙර Condition report එකත් සමඟ නිවස වටා ගොස් අවසන් වරටත් පරීක්ෂා කරන්න.
Condition report එක ආපසු භාරදීමට සෑම State එක හෝ territory එක අනුව නියමිත කාල සීමාවක් තිබෙනවා. එම දිනය පසුවුවහොත් ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව අඩු වෙනවා. ඒ නිසා ඔයා ජීවත් වෙන State එක හෝ territory එක අනුව අදාළ නීති රීති (State rules) කලින්ම පරීක්ෂා කර බැලීම වඩාත් හොඳයි.