හිම නැතුව Ski Resorts කලින්ම වහයි! මොකද වුණේ?

ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ වාර්තා වූ උණුසුම්ම winter එක නිසා මෙවර හිම ක්‍රීඩා ලෝලීන්ට දැවැන්ත පාඩුවක් සිදු කරමින් ප්‍රධාන Ski Resorts රැසක් නියමිත කාලයට කලින් වසා දැමීමට සිදුව තිබෙනවා.

අධික උණුසුම සහ නිරන්තරයෙන් ඇදහැලුණු වැසි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ උස් කඳුකර ප්‍රදේශවල Snowpack නිර්මාණය වීමට විශාල බාධාවක් එල්ල වුණා.

 

හිම දියවීමට සහ උණුසුම ඉහළ යාමට හේතු

Tasman මුහුදේ ඇතිවූ අධික පීඩන තත්ත්වයන් නිසා නැගෙනහිර සහ උතුරු දෙසින් උණුසුම් සුළං ඕස්ට්‍රේලියානු ගිනිකොනදිග ප්‍රදේශ වෙත ගලා ආ බවයි කාලගුණ විද්‍යා කාර්යාංශයේ (BOM) ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ Dean Narramore පවසන්නේ.

NSW හි කඳුකර ප්‍රදේශයක් වන Cabramurra හි සාමාන්‍ය winter උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 දක්වා ඉහළ ගිය අතර, වික්ටෝරියාවේ Mount Buller හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.9 ක වාර්තාගත ඉහළ අගයකට පැමිණ තිබෙනවා.

 

නගරවලටත් රස්නය

සිඩ්නි, මෙල්බර්න් සහ කැන්බරා යන නගරවලද ඉතිහාසයේ උණුසුම්ම winter එක මෙවර වාර්තා වූ අතර, සමස්ත ඕස්ට්‍රේලියාවටම මෙය 3 වන උණුසුම්ම winter එක වෙනවා.

 

Ski Resorts වලට සිදුවූ බලපෑම

සාමාන්‍යයෙන් අගෝස්තු හෝ සැප්තැම්බර් මුලදී හිම තට්ටු උපරිම මට්ටමට පැමිණියද, මෙවර බොහෝ ස්ථානවල හිම සම්පූර්ණයෙන්ම වාගේ දියවී ගොස් තිබෙනවා.

Mount Selwyn සහ Mount Baw Baw යන පහත් බිම්වල පිහිටි ක්‍රීඩාංගණ අගෝස්තු අග වන විටම වසා දැමීමට සිදුවූ අතර, Thredbo හිද හිම තට්ටු වේගයෙන් දියවී යන බව සංචාරකයන් පවසනවා.

ඉදිරි දශක කිහිපය තුළදී හිම පතනය තවත් අඩුවනු ඇති බවත්, Snow season කෙටි වනු ඇති බවත් කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

 

කෘතිම හිම යොදාගැනීම

පවතින තත්ත්වයට මුහුණ දීම සඳහා සෙල්සියස් අංශක 20 ක උෂ්ණත්වයකදී පවා කෘත්‍රිම හිම සෑදිය හැකි All-Weather Snowmaking Systems වැනි නවීන තාක්ෂණයන් සඳහා ආයෝජනය කිරීමට සංවිධායකයන් කටයුතු කරමින් සිටිනවා. මෙවර winter එක පුරාම මේ වගේ තාක්‍ෂණයන් යොදා ගනිමින් කෘතිම  දක්නට ලැබුණා.

ඉදිරි වසරවලදී ඕස්ට්‍රේලියාවේ Snow tours හෝ Skiing Trips යන්න සැලසුම් කරන අය, පහත් බිම්වල ඇති Resorts වෙනුවට Perisher, Hotham සහ Thredbo වැනි උසින් වැඩි ප්‍රදේශවල පිහිටි ස්ථාන තෝරාගැනීම නුවණට හුරුයි. එමෙන්ම Trips යාමට පෙර අදාළ Resorts වල Snow depth සහ කාලගුණ වාර්තා පරීක්ෂා කර බලන්න

 

Image credit: www.news.com.au

Don't forget to share this post!

Recent Posts