ඕස්ට්‍රේලියාව පුරා හොර සල්ලි! හඳුනාගන්න පුළුවන් අලුත්ම ක්‍රමය මෙන්න

ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධී ලෙස ඇතුළු කරන ව්‍යාජ මුදල් නෝට්ටු (Counterfeit notes) ප්‍රමාණය විශාල ලෙස ඉහළ යාමත් සමඟ, Illawarra සහ Thirroul වැනි ප්‍රදේශවල කුඩා ව්‍යාපාරිකයන් තමන් වෙත ලැබෙන මුදල් නෝට්ටු විශේෂ යන්ත්‍ර මඟින් පරීක්ෂා කිරීමට කටයුතු කරමින් සිටිනවා.

පසුගිය සති අන්තයේදී Thirroul හි පිහිටි Ohana Home ආයතනයට ලැබුණු ඩොලර් 100 ක ව්‍යාජ නෝට්ටුවක් blue-light machine එකක් මඟින් හඳුනා ගැනීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. එම ප්‍රදේශයේම වෙනත් වෙළඳසැලකටද මෙලෙස ඩොලර් 100 ක ව්‍යාජ නෝට්ටුවක් ලැබී ඇති අතර, තවත් බොහෝ ව්‍යාපාරිකයන්ට ඩොලර් 20 සහ 50 ව්‍යාජ නෝට්ටු ලැබෙන බවයි වාර්තා වෙන්නේ.

 

Australian Border Force (ABF) එකේ වාර්තා

පසුගිය මුදල් වර්ෂය තුළ Australian Border Force එක විසින් රට තුළට ගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 6 ක අගයෙන් යුත් ව්‍යාජ මුදල් තොග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය වසරට සාපේක්ෂව ව්‍යාජ මුදල් අත්අඩංගුවට ගැනීමේ ප්‍රමාණය 50 ගුණයකට වඩා වැඩි වී තිබෙනවා. පෙර පැවති කඩදාසිවලින් හැදූ ව්‍යාජ නෝට්ටු මෙන් නොව, දැන් ලැබෙන ව්‍යාජ නෝට්ටු Polymer තාක්ෂණයෙන් නිපදවා ඇති නිසා සැබෑ නෝට්ටුවක් මෙන්ම අතට දැනෙන බවයි ව්‍යාපාරිකයන් පවසන්නේ.

සාමාන්‍ය නෝට්ටුවකට වඩා ව්‍යාජ නෝට්ටුව වෙන්කර හඳුනාගත හැකි ප්‍රධානම සාධකය වන්නේ එහි ඇති වර්ණයේ වෙනස බව වෙළෙඳුන් පෙන්වා දෙනවා.

 

ව්‍යාපාරිකයන් යොදන අලුත්ම ආරක්ෂිත ක්‍රම

Reserve Bank of Australia (RBA) ආයතනයට අනුව ව්‍යාජ නෝට්ටුවකට කිසිදු වටිනාකමක් නැති අතර, එබඳු නෝට්ටු සඳහා ව්‍යාපාරිකයන්ට කිසිදු වන්දියක් (Reimbursements) හිමිවන්නේ නැහැ. එම නිසා සිදු වන පාඩුව වළක්වා ගැනීමට ව්‍යාපාරිකයන් අලුත් පියවර ගනිමින් සිටිනවා.

නෝට්ටු පරීක්ෂා කිරීම සඳහා UV / Blue-light යන්ත්‍ර යොදාගැනීමට ව්‍යාපාරිකයන් පෙළඹී තිබෙනවා. 2016 න් පසු RBA එක නිකුත් කළ නෝට්ටුවල Serial number එක සහ නිෂ්පාදිත දිනය මෙම ආලෝකයට දිලිසෙන බැවින් සැබෑ නෝට්ටු හඳුනා ගැනීම පහසු වෙනවා.

ලැබෙන සෑම නෝට්ටුවක්ම පරීක්ෂා කරන ලෙස වෙළඳසැල් හිමියන් තමන්ගේ සේවකයන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ නීතියට අනුව ව්‍යාජ මුදල් සෑදීම, ළඟ තබාගැනීම හෝ දැනුවත්ව භාවිත කිරීම සිරදඬුවම් ලැබිය හැකි වරදක්. ව්‍යාජ මුදල් නිපදවීම සඳහා වසර 14 ක් දක්වා සිරදඬුවම් නියම විය හැකි අතර, යම් හෙයකින් සැක කටයුතු නෝට්ටුවක් ලැබුණහොත් වහාම පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කරන්න.

Image credit: www.abc.net.au 

Don't forget to share this post!

Recent Posts