ඕස්ට්‍රේලියාවේ විශේෂිත Child visa අයදුම්පත් භාරදීමේ ක්‍රමවේදයන් පාලනය වන නව ව්‍යවස්ථාපිත පනතක් (Legislative Instrument) ලියාපදිංචි කර තිබෙනවා.
Migration (Arrangements for Child Visa Applications) Instrument 2026 (LIN 26/081) ලෙස හඳුන්වන මෙම නව පනත 2026 සැප්තැම්බර් 2 වනදා සිට ක්‍රියාත්මක වන අතර, 2026 ඔක්තෝබර් 1 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ පැරණි 2016/051 පනත වෙනුවට මෙය ආදේශ කර තිබෙනවා.
අදාළ වන වීසා කාණ්ඩ සහ ප්‍රධාන වෙනස්කම්
මෙම නව පනත මඟින් පහත සඳහන් වීසා කාණ්ඩ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු Approved form එක, ආකාරය සහ ස්ථානය නියම කරනු ලබනවා;
- Child (Migrant) (Class AH) visas
- Child (Residence) (Class BT) visas
- Extended Temporary (Class TK) visas
Overseas Adoptions පිළිබඳ සීමාකිරීම්
විදේශයන්හිදී සිදුකරන ඇතැම් දරුකමට හදාගැනීම් මත පදනම්ව Child Visa අයදුම් කිරීම සම්බන්ධයෙන් පැවැති සීමාකිරීම් නව පනත යටතේද ඒ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යනු ලබනවා.
මෙම සීමාකිරීම් අදාළ වන එකම රට ලෙස පාකිස්ථානය තවදුරටත් සටහන් වෙනවා. පාකිස්ථානයේදී දරුවෙකු දරුකමට හදාගත් බවට දක්වමින් ඉදිරිපත් කරන Child (Migrant) හෝ Child (Residence) වීසා අයදුම්පත් නීත්‍යානුකූලව වලංගු අයදුම්පත් ලෙස භාරගනු ලබන්නේ නැහැ.
පැරණි පනත යටතේ නියමිත ලිපිනයන් වෙත ලැබුණු අයදුම්පත් සඳහා Transitional Arrangement අදාළ වෙනවා. එම අයදුම්පත් නව පනතට අනුකූලව ඉදිරිපත් කරන ලද ඒවා ලෙස සලකනු ලබන අතර, එම ලිපිනයට ලැබී මුද්‍රා තැබූ (Stamped) දිනයේ සිටම ඒවා භාරගත් බවට සැලකෙන බවයි බලධාරීන් පවසන්නේ.
මෙම නව පනත මඟින් සිදුවී ඇත්තේ තාක්ෂණික සහ සුළු වෙනස්කම් කිහිපයක් පමණක් වන අතර, පවතින අයදුම්පත් ක්‍රමවේදයම ප්‍රධාන වශයෙන් ඉදිරියට පවත්වාගෙන යනු ලබනවා. වීසා උපදේශකයන් (Migration practitioners) සහ අයදුම්කරුවන් මෙම LIN 26/081 පනතේ දැක්වෙන නව ආකෘති සහ ස්ථානීය අවශ්‍යතාවලට අනුකූලව අයදුම්පත් යොමු කිරීමට වගබලා ගැනීම වඩාත් හොඳයි.