ඕස්ට්‍රේලියාවෙදී ID card එක හැමතිස්සෙම ළඟ තියෙන්න ඕනෙද? පොලිසියෙන් ඉල්ලුවොත් මොකද කරන්නේ?

ඕස්ට්‍රේලියාවේදී එකපාරටම පොලිසියෙන් ඇවිත් ඔයාව නතර කළොත් මොකද කරන්නේ? ප්‍රශ්න අහන්න, ඒ ස්ථානයෙන් අයින් වෙන්න කියන්න එහෙම නැත්නම් ඔයාව පරීක්ෂා කරන්න පොලිසියට ලොකු බලතල ප්‍රමාණයක් තියෙනවා තමයි.

හැබැයි, පොලිසියට හිතූ හිතූ විදිහට වැඩ කරන්න බෑ! පොලිසිය ඉදිරියේ ඔයාට ලැබෙන මූලික අයිතිවාසිකම් සහ නීතිමය සීමාවන් මොනවද කියන එක ගැන අපි කියන්න හිතුවා. ඔයා ඔස්ට්‍රේලියාවට තවමත් අලුත් කෙනෙක්නම් මේක ඔයාට වැදගත් වෙයි.

 

පොලිසියට එකපාරටම බලය යොදවන්න පුළුවන්ද?

පොලිස් නිලධාරියෙක් වුණා කියලා එකපාරටම ඔයාට එරෙහිව බලය යොදවන්න නීතියෙන් කිසිම ඉඩක් නෑ.

බලය යොදවන්න පුළුවන් ඒ වෙලාවේ වෙන කරන්නම දෙයක් නැත්නම් සහ ඒක අත්‍යවශ්‍යම සහ සාධාරණම පියවර (Reasonable & Necessary) වෙනවා නම් විතරයි!

ඕස්ට්‍රේලියාවේ ඔයා ඉන්න state එක හෝ territory එක අනුව පොලිස් බලතල වෙනස් වෙන නිසා තමන් ඉන්න State එකේ නීති ගැන පොඩ්ඩක් දැනුවත් වෙන එක ඇඟට ගුණයි.

 

ID එක ඉල්ලුවොත් මොකද කරන්නේ? ඔයා සතු බලතල මෙන්න!

Physical ID එකක් හැමවෙලේම ඕනද?

මේක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ඉතින් උත්තරය තමයි, නැහැ! ඕස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් පාරේ යද්දී Physical ID එකක් ළඟ තියාගන්න ඕනේ කියලා නීතියක් නැහැ. හැබැයි Drive කරනවා නම් Driver’s Licence එක ළඟ තියෙන්නම ඕනේ. ඇතැම් State වල Licence එක පෙන්වන්න දින 2 ක කාලයක් ලැබෙනවා.

ID ඉල්ලන්නේ ඇයි කියලා අහන්න පොලිසියෙන් ඔයාගේ නම සහ ලිපිනය ඉල්ලනවා නම්, “මාව නතර කළේ ඇයි? ID එක ඉල්ලන්නේ ඇයි?” කියලා හේතුව අහන්න ඔයාට සම්පූර්ණ අයිතිය තියෙනවා.

Body Camera එක On කරන්න කියන්න පොලිස් නිලධාරියාගේ ඇඳුමේ තියෙන Body-worn camera එක On කරන්න කියලා ඉල්ලන්න. කැමරාව On වුණාට පස්සේ තමන්ව නතර කරන්න හේතුව ආයෙත් අහන්න.

 

කට පියන් ඉන්න අයිතිය (Right to remain silent)

ඔයාගේ නම සහ ලිපිනය දුන්නට පස්සේ, ඔයාට එරෙහිව වරදකට අහුවෙන්න පුළුවන් අමතර කිසිම ප්‍රශ්නයකට උත්තර නොදී නිශ්ශබ්දව ඉන්න ඔයාට සම්පූර්ණ අයිතිය තියෙනවා!

මෙතැනදී වැදගත්ම දෙයක් තමයි, පොලිසියත් එක්ක කතා කරද්දී කෑගහන්නේ නැතුව, හැකි තරම් Polite සහ Cooperative වෙන්න. 

ඔස්ට්‍රේලියාවේදී move-on order එකක් ලැබුණොත් මොකද කරන්නේ? පොලීසියට ඔයාගේ ID එක ඉල්ලන්න පුළුවන් මොන වගේ අවස්ථා වලදීද? ඔයාට පොලිස් නිලධාරීන් එක්ක කරන කතා බහ වීඩියෝ කරන්න අවසර තියෙනවද? මේ වගේ ඕස්ට්‍රේලියානු නීතියට සම්බන්ධ දේවල් අපි ඉදිරියේදී කතා කරමු. ඔයාට ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙද්දී ආපු ප්‍රශ්නත් comment කරගෙන යන්න. එතකොට අපිට පුළුවන් ඒ දේවල් සන්නස Digital හරහා කතා කරන්න.

Don't forget to share this post!

Recent Posts